පුරන් කුඹුරුවල වෙනත් බෝග වගාකිරීමට අවසර දෙයි

-

පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදාල චක්‍රලේඛයක් නිකුත් කෙරේ මේ යටතේ වසර 10 කට වඩා වගානොකරනලද  කුඹුරුවල කෙටිකාලින අහාර භෝග වගාකිරීම සදහා අවසර ලැබෙන අතර කිසිම හේතුවක් නිසා මෙම කුඹුරු ගොඩකිරීමට අවසර නොමැත.

පුරන් කුඹුරු පස්පුරවා ගොඩකිරීමට හෝ ඒවායේ රබර් පොල් වැනි ස්ථාවර බෝග වගා කිරීමට අවසර නොලැබෙන බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.

එම චක්‍රලේඛයට අනුව එළවළු වර්ග , කංකුං , මුකුණු වැන්න නෙළුම් දඩු , ලංකාවට ආවේනික අලවර්ග , ඉඟුරු , තෘණවර්ග , කෙසෙල් , ගස්ලබු , අන්නාසි , මී මැසි පාලනය , බිම්මල් ,පළතුරු , මිරිදිය මත්ස්‍ය වැනි බෝග වගාකළ හැකිය

සම්පුර්ණ නිවේදනය පහත පළවේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here