කටුවාපිටියට දුකබෙදා ගන්න පැමිණි විදේශිකයන්ගේ ගමන්මලු මංකොල්ලකෑ මත්ලෝලීන් කොටුවෙයි

පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය අන්තර්ජාලයෙන් දැක කම්පාවට පත්වී දේවස්ථානය දැකබලා ගැනීමට සහ වීපතටපත් කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීම සදහා පැමිණි පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනෙකුගේ ගමන් බෑගය කොල්ලකා සැගවිසිටි මත්ලොලින් දෙදෙනෙකු කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් 53155  සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකරනලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතිකරුනු අනුව මෙම සිද්දියට මුහුණ පා ඇත්තේ පෝලන්ත ජාතික මැදිවියේ පසුවන  ධනවත් කාන්තාවන් දෙදෙනෙකි

මෙම කාන්තාවන් දෙදෙනා 12 දින කටුවාපිටියට දේවස්ථානය දැකබලාගෙන තොරතුරු විමසා ව්පතට පත් ගම්වාසීන්ගේ නිවෙස්වලට යාම සදහා ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එක විදේශීය කතකගේ ගමන් බෑගය පැහැරගෙන පලාගොස් ඇත.

පැහැරගත් බෑගයේ එම විදේශිකයන්ගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇත

මෙම කාන්තාවන් දෙදෙනා මෙම මංකොල්ලය පිලිබදව  කටාන පොලිසියට පැමිණිලි කර ඇතිඅතර   පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන සිදුකල නොවිසදුනු අපරාධ ඒකකය විසින් පැය 24 කට අඩුකාලයක් තුල සොරකම සිදුකල මත්ලෝලීන් දෙදෙනා සොරාගත් බෑගය සහ යතුරු පැදිය සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම මත්ලෝලීන් දෙදෙනා මේ අන්දමෙන්ම විදේශිකයන් හතරදෙනෙකුගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි හතරකට අවශ්‍යව සිටි සැකකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම විමර්ශන කටයුතු සදහා පොලිස් කොස්තාපල් 82685 උදය කුමාර 93442 සදරුවන් යන නිලධාරින්ද සහභාගිවී ඇත

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img