32 C
Negombo
32 C
Negombo

කටානේ සමුප නිලවරණයේදී පොහොට්ටුව දෙපිල බෙදේ

-

කටාන විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපතිවරයා පත්කර ගැනීම සදහා අද පැවතී   නිලවරණය  මුල්කරගනිමින්  කටානේ පොහොට්ටුවේ ක්‍රියාකාරීන් අතර බරපතල දේශපාලන  අර්බුධයක් නිර්මාණයවී ඇතිබව අපගේ දේශපාලන ආරංචිමාර්ගපවසයි.

සභාපතිවරයා ලෙස පොහොට්ටුවේ දේශපාලන මතය වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටි අයෙකු පත්කර ගතයුතුබවට පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් තීරණයක් ගෙනතිබි ඇතිඅතර ඒ සදහා පිටර් හපුආරච්ච් මහතා පත්කර ගැනීමට නියමිතවතිබී ඇත.

එහෙත් අද පැවති නිලවරණයේදී රනිල් මෛත්‍රී  යහපාලන ආණ්ඩුවේ නාගරික සංවර්ධන අමාත්‍ය වරිය ලෙස  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතුකළ සමයේ  එතුමියගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතුකල ගවේශ තනිරත්න මහතා පත්කර ගෙන ඇත.

මෙම පත්කර ගැනීම කටානේ පොහොට්ටුවේ  ප්‍රබලයෙකු   සිදුකල කුමන්ත්‍රණයක් බවත් එකගවූ  ලෙස කටයුතු නොකර සිදුකළ මෙම පත්කර ගැනීමට විරෝධය දැක්වීමක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේන් පොහොට්ටුවෙන් තරගවදින අපේක්ෂකයන් කැදවා කටාන ආසනයේ රැස්වීම් සංවිධානයකර  ඔවුන්ට  මනාප ලබාදීම සදහා කටයුතු කිරීමේ වැඩපිළිවෙලක්  ආරම්භ වී ඇතිබවද අපගේ දේශපාලන ආරංචිමාර්ග වලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.