කොරෝනා ව්‍යාප්තවී ඇති රටවලින් එන අය දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට

-

ලෝකය පුරා ව්‍යාප්තවී තිබෙන කොරෝනා වෛරසය (COVID – 19) රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත් පියවරක් ලෙස දකුණු කොරියාව,ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලු ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය (COVID – 19)  සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව දැනුවත් කිරීමට 3 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරිය මේ බව පවසා තිබේ.

එමෙන් ම නාවික මාර්ග හරහා පැමිණෙන මඟී නැව්වල මඟීන්ට නිසි පරීක්ෂාවක් සිදු කරන තෙක් එම නැව්වලින් පිටතට පැමිණීමට අවසර නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කරයි.
රට තුළ කොරෝනා වෛරසය ඇතුළ්වීම හා පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් මේ වනවිටත් පසු වෙයි. එමෙන් ම මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට කොරෝනා වෛරසය වැළැදී ඇති බවට වාර්තා වී නැත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here