කොවිඩ් 19 සම්බන්දයෙන් වාර්තා කරණයේදී භාවිතා කලයුතු නිර්දේශ ගැන සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත්කළ නිවේදනයක් රජයේ ප්‍රවෘත් දෙපාර්ත මේන්තුව විසින් මාධ්‍ය ආයතන වෙත ඒවා ඇත
එහිසදහන් නිර්දේශ වලට අනුව නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සහ රෝගීන්ගේ ජා යාරූප වීඩිඕ දර්සන ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ඇත
එමෙන්ම නිරෝධනයට ලක්කරන රෝගීන් ගැන සහ මරණ පිළිබද වාර්තා කිරීමේදී කිසිවිටක ජාතිය හෝ ආගම ගැන සදහන් නොකරන ලෙසද ජනතව තුල වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කරනයෙන් වලකින ලෙසද ඉල්ලා ඇත.
තහවුරු කරගන්නා ලද සත්‍ය තොරතුරු මුලාශ්‍රය භාවිතා කරන ලෙසත් ජන මනසට ආතතිය ඉච්චාබන්ගත්වය ඇතිවන ආකාරයෙන් නොව ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇතිවන ලෙස ප්‍රවෘත්ති ලබාදෙන ලෙසද මෙම නිර්දේශ මගින් ඉල්ලීමක් කර ඇත.





