විසුරවපු පාර්ලිමේන්තුව නැවත රැස් කලොත් වෙනදේ විමල් ටක්කෙටම කියයි

-

විසුරුවා හරිනලද පාර්ලිමේන්තුව  කැදවීමෙන් රටට සිදුවන්නේ අලාභයක් බවත්  රටේ ජනතාව පාර්ලිමේන්තුව   කැදවනලෙස ඉල්ලීමක් නොකරනබවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මහජනතාවට කිසිදු අඩුපාඩුවක් වී නැතිබවද කොරෝනා වසංගතයෙන් රටබෙරාගැනීම සදහා රාජ්‍ය නායකත්වය සහ රජය සෑහෙන සටනක නිරතවන බවත් ජනතාව එය අගය කරනබවත් පැවසූ අමාත්‍යවරයා විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාව මේ අවස්ථාවේ කටයුතුකරන ආකාරය අතිවිශිෂ්ට බව  ප්‍රකාශ කරනබවද පැවසිය.

පාර්ලිමේන්තුව විසිරවීමෙන් රටට පාඩුවක් වී නොමැති බව කුහක නැති ඕනෑම කෙනෙක් පිලිගන්නාබවද  නැවත එය පටන්ගත්තොත් 225 කට පඩි ගෙවන්නට සිදුවී රටට අලාබයක් සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ රෝහල් වලට අවශ්‍ය දැඩිසත්කාර ඇදන් නිපදවන මීගමුවේ පිහිට  කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු    නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here