මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීම හේතුවෙන් කෝටි 22ක මහජන මුදලින් ඉදි කළ මීගමුව බස් නැවතුම්පොළ මේ වන විට කඩාවැටීමේ අවදානමකට ලක්වෙමින් ඇත
2011 ඔක්තෝම්බර් මස 04 වන දින විවෘත කරන ලද මෙම බස් නැවතුම්පොළෙහි ඉහළ මහල් දෙක සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස අබලන් වී ඇත.
රසායනික ගිනි නිවීම් උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති වීම නිසා හදිසි ගින්නක් ඇතිඋවහොත් අනතුරුදායක තත්ත්වයක් උද්ගතවීමේ හැකියාවක් ඇතිබව ඇති බව නිරීක්ෂණය විය.
අබාධිත පිවිසුමක් සකස් කිරීම නිත්‍යානුකුල අවශ්‍යතාවයක් අවස්ථා ගණනාවකදී මාධ්‍ය මගින් පෙන්වා දුන්නත් අබලන්ව ඇති අබාධිත පිවිසුම අලුත්වැඩියා කිරීම සිදුකර නැත .එමෙන්ම අබාධිතයන් සදහා වෙන්කර ඇති වැසිකිලිය බස්නාහිර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් විසින් ඉබිඅගුලක් දමා අත්පත්කරගෙන ඇත.
බස්නැවතුම් පොලේ පොදු වැසිකිලි පද්ධතිය ජලය නොමැතිබව පවසමින් මාස හයකට අධික කාලයක සිට වසා දමා ඇත.මෙනිසා දිනකට ගමනා ගමන පහසුව සලසා ගැනීමට පැමිණෙන 50000 ක් පමණවන ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇතිඅතර බස්වනතුම් පොළ අවට පරිසරය අපවිත්‍ර කරමින් එමශාරීරික අවශ්‍යතාවය ගස්ගල්වලට මුවාවී සිදුකර ගැනීමට සිදුව ඇත.
බිම්මහලේ ඇති ටයිල් ගැලවී ඇති අතර කැඩුණු ටයිල් කොටස් වල ගැටීමෙන් මගීන්ගේ දෙපා තුවාල වූ අවස්ථා ඇතිබවද දැනගන්ට ඇත.
මිගමුව ජනතාව විසින් තමන් නියෝජනය කිරීම සදහා මිගමුව මහා නගර සභාවට පත්කර ඇති මහජන නියෝජිතයන් 49 දෙනා අතුරින් තමන්ට පැවරී ඇති වගකීම අවබෝධ කරගෙන කටයුතුකරන නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සිටියත් වැඩිදෙනකු එවැනි අවබෝදයක් ඇතිබවක් දක්නට නැත.
ජනතා වගකීම් වලට වඩා ඔවුන් මේදිනවල වැඩි අවධානය යොමුකර ඇත්තේ නිලරථ බෙදාදීමේ සහ බෙදා ගැනීමේ කටයුත්තකට බව නගරසභාවේ ප්‍රගති ශීලි සේවකයෝ පවසති.
මේ සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකම කණ්ඩායමක් ලෙස එක්ව සිටිනබවද දැනගන්නට ඇත (මේ පිලිබදව වැඩිදුර කරුණු පසුවට)
බස් නැවතුම්පොළ තවදුරටත් අබලන්වී එහිකොටස් ජනතාවගේ හිසමත කඩා වැටී ජිවිත හානි සිදුවීමට ඉඩ නොදී, අවශ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීමට පියවර ගැනීම නිලරථ බෙදා ගැනීමට වඩා ප්රමුඛ කටයුත්තක් බව නාගරික මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීන් ද අවබෝධ කරගනු ඇතයි අප විශ්වාශ කරමු





