ඉන්දියාව සහල් පිටරට යැවීම නතර කරයි

බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ, දේශීය සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහායි. ඉකුත් සමයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ වී වගාවට හානි සිදුවී තිබෙනවා. පසුගිය මාස 12 තුළ පමණක් සහල් මිල සියයට 11 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරු වනවා. ගෝලීය සහල් අපනයනයෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව සතුයි. ඉන් හතරෙන් එකක්ම බාස්මතී නොවන සුදු සහල් වනවා.

එම සහල් ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලටයි. මේ හේතුවෙන් ගෝලීය ආහාර මිල ඉහළ යා හැකි බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.

ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ තිරිඟු පිටි ඇතුළු යුක්රේන ධාන්‍ය සම්බන්ධයෙන් රුසියාව ඉකුත්දා දැඩි තීරණයක් ගැනීමත් සමඟයි. තිරිඟු පිටි ඇතුළු යුක්රේන ධාන්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ඉඩදීමේ ගනුදෙනුවෙන් රුසියාව මේ සතියේ ඉවත් වීමෙන් පසු ආහාර සැපයුම් දාමයට දැනටමත් පීඩනයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Hot this week

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

Topics

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img