සිදුවේ ඉඩමකින් ගුවන්යානා නාශක උණ්ඩ ගොඩගනී

-

සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබු ගුවන්යානා නාශක අවිසදහා භාවිතා කරන ජිව උණ්ඩ දෙකක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්  කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  නිළධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

ලද තොරතුරකට අනුව  සීදූව පොලිස් වසමේ අංක 48, ලැගූන් පාර්ක් රෝඩ්, ලියනගේමුල්ල, සීදූව ලිපිනයේ පහිටිඅක්කර හයක පමණ  හිස් ඉඩමක සිදුකල සෝදිසියකදී එමඉඩමේ පිටුපස කොටසේ වලදමා තිබියදී 5 දින මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශන සදහා සිදුව පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

ගුවන් යානා නාශක අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 02ක්81 LMG අවි සඳහා භාවිතා කරන ආකාරයේ කොපුව දිග මි.මී. 55 උණ්ඩ 01ක්  වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කරල් 02ක්. විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බ යක්  විදුලිමය ඩෙටනේටර් 02ක් හා විදුලිමය නොවන ඩෙටනේටර් 07ක්  Blasting powder ග්‍රෑම් 143යි මිලි ග්‍රෑම් 580ක් ඇමෝනියම් නයිට්රේට් වලට සමාන පුපුරණ ද්‍රව්‍ය කරල් 02යි.වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කරල් 02ක්සහ පිස්තෝලයක වැනි ගිනිඅවියක කොටස්ද මෙම සෝදිසියේදී පොලිසිය බාරයට ගෙන් ඇති පුපුරන ද්‍රව්‍ය අතර වේ

 

සැකකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර සිදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here