ලේල්ලමේ වෙඩි තැබීම -ආමි සමන්ත රිමාන්ඩ්

-

දුන්ගාල්පිටිය පොලිස් වසමේ පිටිපන මාළු ලෙල්ලම අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා  ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කල කෙහෙල්ඇල්ල, බඩල්ගම පදිංචි බාලසිංහ පේඩිගේ සමන්ත නොහොත් ආමි සමන්ත( 45  )නමැති පුද්ගලයා  අගෝස්තු මස 29 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා අද 15 දින නියෝග කළේය

මිගමුව පිටිපන මහලෙල්ලමේ දීපසුගිය 12 දින උදැසන  නාදුනන තුවක්කුකරුවෙකු  විසින් සිදුකරනලද   වෙඩි තැබීමකින් ලෙල්ලමට පැමිණෙන වාහන වලින් මුදල් අයකිරීමේ රැකියාවේ නිරතව සිටි   උතුරු පිටිපන , මීගමුව ලිපිනයේ පදිංචිව සිටි  නයිදප්පුලාගේ ධනුෂ්ක අංජන උමයංග ප්‍රනාන්දු  නමැති 25 වියැති තරුණයෙකු මියගියේය.

මෙම සිද්ධිය පිලිබදව මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින්  සිදුකල විමර්ශන වලින් අනතුරුව 14 දින සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

දුන්ගාල් පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයරත්න සිල්වා මහතා සමග පොලිස් කොස්තාපල් 22615 ලක්මාල් මහතා සැකකරු අධිකරණයට ඉද්රිපත්කරමින් පැමිණිල්ල මෙහෙයවිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here