කෝටි තිහක මැණික් ඇදුමගැලවේ

-

රුපියල් විසිනවකෝටිදසලක්ෂයක් වටිනා කිලෝග්‍රෑම් දෙකක් සහ ග්‍රෑම් 312 ක් පමණ බරැති මැණික් තොගයක් වංචනික ලෙස රටින් පිටකිරීමට උත්සාහ කල ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ ආරක්ෂක අංශය විසින් අල්ලා රේගුව වෙත බාරදීමට  කටයුතු කර ඇතිබව රේගු මධ්‍යප්‍රකෂක සීවලී අරුග්ගොඩ මහතා පවසයි.

අද 30 දින උදැසන 0315 ට එයාර් ඉන්දියා ගුවන්සේවයේ AI 217 දරන ගුවන්යානයෙන් චෙන්නායි බලා පිටත්ව යාමට පැමිණ සිටි 30 වියැති ඔරුගොඩ වත්ත ප්‍රදේශයයේ පදිංචි කාරියක    වන මෙම කාන්තාව තමන්ගේ ඇදුම් තුල සගවාගෙන මෙම මැණික් තොගය රැගෙන යාමට උත්සාහ කර ඇත.

දැනට සිදුකරන වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here