වැල්ලවීදියේ කුඩු අවනඩුව

-

මිගමුව වැල්ල විදිය සාන්ත සෙබස්තියන් ධිවර ගම්මානයේ මත්ද්‍රවය ජාවාරම් සහ බෝට්ටු මගින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බිඩි කොල කහ ආදිය රටතුලට රැගෙන එන කණ්ඩායමට  එරෙහි වූ ගම්වැසි ධිවර ජනතාවට ඊයේ රාත්‍රී මිගමුව පොලිසියේ නිලධාරී කණඩායමක් විසින් පහර දුන්බවට චෝදනා කරමින් එම ධිවර ජනතාව වැල්ලවීදිය දේවස්ථානය ඉදිරිපිටදී අද 9 දින  උද්ඝෝෂණයක් පවත්වනු ලැබිය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහි වූ ධිවර  ජනතාවගේ නිවෙස් වලට සති කිහිපයක් තිස්සේ රාත්‍රී කාලයේ ගල්වලින් පහරදීමක් සිදුකර ඇත.

ඊයේ 8 රාත්‍රී  ප්‍රදේශවාසීන් විසින් මෙම කණඩායම හදුනාගෙන පොලිසියට දැනුම්දී ඇති අතර සිවිල් ඇදුමෙන් සහ නිල ඇදුමෙන් බීමතින් පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් නිවෙස්වලට ගල් ප්‍රහාර එල්ලකරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට නොගෙන  පැමිණිල්ල කල ගම්වැසියන්ට පහරදුන් බව පවසමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට වැල්ලවීදිය මිසම් පාලක ගරු ගයාන් ප්‍රසාද් පෙරේරා පියතුමා ඈතුලු පිරිසක් එක්ව සිටියේය .

උද්ඝෝෂකයන් හමුවට පැමිණි පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාසාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නිතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනබව පැවසිමෙන් පසුව උද්ඝෝෂකයන් විසිර ගියේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here