ආර්මේනියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සබදතා

-

ආර්මේනියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ප්‍රථම වරට විශේෂිත කාල සීමාවක් සදහා වූ ගුවන් ගමන් (“Charter” )ගුවන් ගමන් ආරම්භ වූ අතර එය “ෆිට්ස් එයාර්” ගුවන් සමාගම මගින් සිදුකරන ලදි. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රීලංකා) (පුද්ගලික) සමාගම විසින් මෙම මංගල ගුවන් ගමන ඉතා උණුසුම් අයුරින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබිණි.

මෙම ගුවන් ගමන  ආර්මේනියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වන ලද පළමු සෘජු සම්බන්දතාවයද සනිටුහන් කරනු ලැබීමද විශේෂත්වයකි.

මෙම පළමු ගුවන් ගමනට මගීන් 150ක් සහභාගී වූ අතර මෙම ගුවන් යානය ශ්‍රී ලංකාව දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවේ ආර්මේනියාවේ “Yerevan” සිටයි.

එමගින් දිනෙන් දින වර්ධනය වන දේශීය සංචාරක කර්මාන්තය තවදුරටත් නගාසිටුවීම සහ ජාත්‍යන්තර සබදතා වර්ධනය කර ගැනීම මෙම ගුවන් ගමන් මගින්  අපේක්ෂා කරනබව  ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගමේ අලවි සහ සන්නිවේදන ප්‍රධානි ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පවසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here