සිදුවේ වෙඩි තැබීමක්

-

සිදුව කොටුගොඩ මාර්ගයේ යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා රාගම මහරෝහලඇතුලත් කර ඇත.

මෙසේ තුවාල ලබා රෝහල ගතකර ඇත්තේ 36 වියැති අංක 200/24, පුබුදු මාවත, කොටුගොඩ ලිපිනයේ පදිංචි මල්මදනගේ දිනේෂ් ප්‍රියසාත් සිල්වා නමැත්තෙකි. වෙඩි තැබීමෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල ලබා ඇති අතර සිදුව විජය කුමාරතුංග රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා රාගම මහරෝහලට ඇතුලත් කර තිබේ

තුවාල කරු සිදුව දෙස සිට  කොටුගොඩ තම මවසමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සුපුවත් අරණ කතෝලික දේවස්ථානය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ සීදූව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here