මීගමුවේ අලුත් වසංගතයට එරෙහිව -ජනතාව පාරට

-

මීගමුවේ වසංගතයක් මෙන් පැතිරයන 24 පැයේ ස්පා ආයතන වලින් ප්‍රදේශයේ තරුණ තරුණියන් විනාශය කරා රැගෙන යනබව අචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු පුල්ලේ පියතුමා පවසයි

උන්වහන්සේ මෙම අදහස් පලකලේ අපේගමට ස්පාර්  එපා එපා යන තේමාව යටතේ මිගමුව පෙරියම්මුල්ල හංදිය අසල පැවතිඋද්ඝෝෂණයක් අතර තුර මාධ්‍ය වෙත අදහස් පලකරමිනි

මෙහිදී අදහස් පලකල ප්‍රදේශවාසීන් පැවසුයේ මෙම ආයතන වලසිදුවන දේවල් ඉතාමත් අමිහිරි බවත් ලංකාවේ දුර බැහැර ගම්වලින් පැමිණි අඩුවයස් වලට තරුණියන් මේවායේ සේවයේ නියුතුව සිටින බවයි.

එමන්ම මේවායේ සිටින තරුණියන් ඇනවුම් කර රැගෙන යාමට පැමිණෙන පිරිස් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් ප්‍රදේශයේ සාමකාමී ජනජීවිතයට බාදාවක් බවද ප්‍රදේශ වාසීන් තවදුරටත් පැවසිය.

මේවාට විරුද්ධව කටයුතුකරන සිවිල් ක්‍රියාකාරීන්ට ස්පාර් හිමිකරුවන්ගෙන් මරණ තර්ජන පවා එල්ලවන බවත් විස්තර ඇතිව මිගමුව පොලීසියට පැමිණිලිකලත් ඔවුනට එරෙහිව  කටයුතු නොකරන්බවට  උද්ඝෝෂකයන් කල චෝදනාව පිලිබදව මිගමුව පොලිසිස් ස්ථානාධිපති වරයාගෙන්   විමසීමක් කලඅතර  අදාළ පැමිණිලි පිලිබදව විමර්ශන සිදුකරමින් පවතින  බව ඔහු පැවසිය

මිගමුව නාගරික බලප්‍රදේයේ  වෙළද බලපත්‍ර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ  නිසිපහසුකම් නොමැතිව  පවත්වාගෙන යන ස්පාර් ආයතන150 කට ආසන්න සංඛ්‍යාවක් ඇතිබව නිරීක්ෂණය විය.

නිසි  සෞඛ්‍ය පහසුකම් සහ  වෙළද බලපත්‍රනොමැතිව මෙම ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ම්හානගර සභාවේ නිලධාරීන් විසින් තම වගකීම් පැහැර හැරීම ද හතු  පිපෙන්නාක් මෙන් අනවසර ස්පා ආයතන ආරම්බ කිරීමට  උඩගෙඩි දීමක් බවද  මීගමුවේ බදුගෙවන ජනතාව පවසති

මේවායේ සේවය කරන කාන්තාවන් දිගුවේලාවක් සේවයකිරිම සදහා අයිස් වැනි මත්ද්‍රවය බාවිතාකරන බවත් මොවුන්ගේ සේවය ලබාගැනීම සදහා පැමිණෙන තරුණයන්ද මත්ද්‍රව්‍ය වලට යොමුකිර්ම සිදුවන බවද දැනගන්නට ඇත.

මතට තිත තැබීමටසිදුකරන  යුක්තිය මෙහෙයුමේ ඇස මෙම  අනවසර ස්පා ආයතන දෙසටද යොමුවිය යුතුබව ජනතාව පවසති.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here