නාදුනන තුවක්කු කරුවෝ සල්ගාදු චුටි ඝාතනය කරයි

-

මිගමුව ගල්කන්ද හන්දිය අසලදී නාදුනන තුවක්කු කරුවෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් පුදගලයෙකු මියගොස් ඇත..

මෙසේ මියගොස් ඇත්තේ මිගමුව කුරණ 18/6/ඒ / යන ස්ථානයේ පදිංචිව සිටි 60 හැවරදීආරච්ච්ගේ රෙක්සි සල්ගාදු නොහොත් සල්ගාදු චුටි නමැත්තෙකි.

පොලිසිය විසින් මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත තොරතුරු අනුව 10 දින රාත්‍රී 7.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.

ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා මිගමුව දෙසසිට බෝලවලාන දෙසට පැමිණ ඇති අතර එම දෙසටම ධාවනයවූ යතුරු පැදියකින් ගමන්කළ නාදුනන තුවක්කු කරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුලත් කරන අවස්ථාව වනවිටත් මියගොස් තිබු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය පුද්ගලයා මීගමුවේ පිහිටි නවාතැන් පොලක කළමනාකරුවෙකු වශයෙන් සේවයකරන අයෙකි

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණඩාරනායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරි එරික්පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here