‘මැක් ඩොනල්ඩ්ට චෝදනාවක් – උසාවියෙන් වාරණයක්

-

ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක් ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඇමරිකාවේ සුප්‍රක‍ට පිසූ ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම විසින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක් නම් කර ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස මව් සමාගම විසින් අවස්ථා ගණනාවකදීම උපදෙස් දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන්නේ යැයි කීය.

‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් මෙරට පවත්වාගෙන යන්නේ ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම සමඟ එළැඹි ගිවිසුමකට අනුව බවත් වගඋත්තරකාර මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් එම ගිවිසුමකට අනුව කටයුතු නොකරන්නේ යැයිද එම ගිවිසුම අනුව පිරිසුදුව සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු නොකිරීම නිසා ගිවිසුම අවංගු කිරීමට මව් සමාගම තීරණය කළේ යැයිද කී ජනාධිපති නීතීඥ ආචාර්ය රෝමේෂ් ද සිල්වා මහතා ගිවිසුම අවලංගු කළ පසුවද වගඋත්තරකාර මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් එලෙසම සිය කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද කීය.

එහෙයින් මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් වල කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය,

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර ‘මැක් ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය

lankaadeepa .lk

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here