පොලිස්පති කටුවාපිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හමුවෙයි

-

පාස්කු ඉරුදින දේවමෙහෙයන් පැවැත්වූ දේවස්ථාන සදහා පොලිසිය ත්‍රිවිධ හමුදාව සමග එක්ව  ක්‍රියාත්මක කල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද 31 දින පැමිණියේය.

මෙම ජායාරූප වලින් දැක්වෙන්නේ පොලිස්පතිවරයා කටුවාපිටිය දේවස්ථානයට පැමිණි අවස්ථාවයි.

මෙහිදී පැමිණසිටි ජනතාව සමග සුහද කතාබහක යෙදුනු පොලිස්පතිවරයා 2019 පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ   මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා තවමත් රෝගාතුරව සිටින අයගේ නිවෙස් වෙතදගොස්එම  අයගේ  සුවදුක් විමසීමට ද කටයුතු කළේය.

මිගමුව කොට්ඨාශයේ පොලිස් අධිකාරි එරික් පෙරේරා කටාන පොලිසියේ ස්ථානාධිපති වසන්ත සුදසිංහසහකාර පොලිස් අධිකාරි රත්නායක යන මහත්වරුන්ද පොලිස් පතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here