රහස් තැනක සගවා කොකේන් ගෙනා විදෙස් කතුන් අත්අඩංගුවට

-

රුපියල් මිලියන 20 ක් පමණ වෙළදපොල වට්නාකමක් ඇති  කොකේන් ග්‍රෑම් 500 ක මත්ද්‍රවය ගුලි 40ක් තම සිරුරු තුල සගවාගෙන ශ්‍රීලංකාවට ඇතුල්වීමට පැමිණි  කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මත්ද්‍රවය ගුලි 40 ක් එලියට ගෙන ඇතිඅතර තවත් ම්ත්ගුලි මොවුන්ගේ ශරීරය තුල තිබිය හැකිබවට නිලධාරීන් සැකපළකරයි .

ගිනි රාජ්‍යයේ පුරවැසියන් වන මෙම කාන්තාවන් දෙදෙනා  අතර සියරා ලියොන් සිට තුර්කියේ ස්ථාන්බූල් හරහා Turkish air ගුවන් සමාගමට අයත් TK 730 නැමැති ගුවන් යානයෙන් උදෑසන 6 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

වයස 40 ක් සහ 42 ක් වන මෙම කාන්තාවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය සමග වැඩිදුර විමර්ශන සදහා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here