පංති කට්කර බීච් පාරක්එකේ රැදිසිටි සිසුන්ට පොලිසියෙන් අවවාද

-

උපකාරක පන්තිවලට සහභාගිවන බවට නිවෙස්වලට පවසා  මිගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යානයේ අනාරක්ෂිත ස්ථානවල  රැදිසිටි තරුණ තරුණියන් පිරිසක් පොලිසියට කැදවාගෙනවිත් අවවාද කර දෙමවිපියන් වෙත බාරදීමට මිගමුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය අද 2 දින කටයුතු කර ඇත.

උපකාරක පන්ති වලට සහභාගිවන දු දරුවන් මෙන්ම පාසල් සිසු සිසුවියන්ද පන්තිවලට සහභාගී නොවී  වෙරළ උද්‍යානයට පැමින කාලය ගතකරන  බවට ලද  තොරතුරු මත  මිගමුව කොට්ඨාශයේ  ළමා හා කාන්තා කර්යංශය  සහ මිගමුව පොලිසියේ ළමා හා කාන්තා කර්යංශය ඒකාබද්ධව සිදුකල පරික්ෂාවක දී හමුවූ   තරුණ තරුණියන් පිරිසක් මෙලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කලබව පොලිසිය පවසයි.

මෙම ස්ථානයේ රැදිසිටි පුත්තලම ප්‍රදේශයේ තරුනයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිලිබදව මිගමුව මුලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්බ කර තිබේ.

මිගමුව කොට්ඨාශයේ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරදී කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි  ප්‍රධාන පොලිස්  පරීක්ෂක ආර් එම් එන් රත්නායක කාන්තා පොලිස් පරිෂක  නදීෂා සමන්මාලි කාන්තා   උපපොලිස් පරීක්ෂක එම් හසීම් මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් මෙම කටයුතු සදහා සහභාගිවී තිබේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here