මිලියන 63 ම අයකර ගන්නවා – උපසභාපති අජිත් අප්පුහාමි

මිලියන  හතක  මුල්‍ය ප්‍රතිපාදන වැයකර වැලිහේන  ප්‍රදේශයේ ඉදිකර ඇති කඩකාමර 42  ක් සහිත වෙළද සංකීර්ණයෙන් කටාන ප්‍රාදේශීය සභාවට අයවිය යුතු මිලියන 63 ක පමණ  මුදල් අයකර ගැනීමට අවශ්‍ය  පියවර කඩිනම් ගනුල බනබව කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජිත් රොෂාන්ත අප්පුහාමි මහතා පැවසිය.

උප සභාපති වරයා මෙම අදහස් පල කලේ  ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අධ්‍යාපන පදනම මගින් වසර 17 ක කාලයක් තුල  එකතුකර  ගෙන ඇති වැලිහේන සාප්පු සංකීර්ණයේ කඩකුලි අයකර ගැනීම පිලිබදව මාධ්‍ය විසින් සිදුකල විමසීමකට පිළිතුරු ලබාදෙමිනි

ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා  මන්ත්‍රී  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ කටාන ප්‍රදේශීය සභාවේ අගෝස්තු මස මාසික සභාවට පෙත්සමක්  ඉදිරපත්  කරමින් සිදුකල ප්‍රකාශයට අනුව වැලිහේන ශාන්ත කයිතනු දෙවු මැදුරට අයත් ඉඩමෙන් පර්චස් 70 වක ඉඩම් කොටසක් කටාන ප්‍රාදේශීය සභාව විසින් 40 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර 2007 ඔක්තෝම්බර් 28 එය විවෘත්ත කර තිබේ

එදින සිට මේ දක්වා ප්‍රාදේශීය සභාවට  සභාවට මිලියන 21 ක පමණ බදු මුදලක් අයවීමට ඇති බවද ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා මාසික රැස්වීමේදී පැවසිය.

මෙම කරුණ  පිලිබදව මාධ්‍ය වෙත වැඩිදුරටත්  කරුණු පැහැදිලිකල  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා දේශපාලන බලය අයුතු ලෙස යොදා ගෙන බලහත්කාරයෙන් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අධ්‍යාපන පදනම විසින් මෙම කඩකාමර වල කුලිය ලබාගන්නා බව සදහන් කළේය.

සභාවට ලැබියයුතු මුදල තක්සේරු කර ඇත්තේ කඩකාමරයක  මසකට ලැබෙන kකුලිය  රුපියල් 2500 ක් පදනමින් බවත් සත්‍ය වශයෙන්ම කඩයකින් වර්තමානයේ අයකරන කුලිය 7500 ක් බැවින් ප්‍රාදේශීය සභාවට මිලියන 63 ක් පමණ අයවිය යුතුබවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම කඩ කාමර සිද්ධිය පිලිබදව හිටපු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් විමසීමක් කලඅතර දැනට විදේශගතව සිටින බවත් ලංකාවට ආපසු පැමිණි පසුව කරුණු පහැදිලි කරනබව වට්ස්අප් පණිවුඩයක් මගින් දන්වා තිබිණි.

මෙම ගොඩනැගිල්ල පාලනය  සදහා නිත්‍යානුකුල අයිතිය ඇත්තේ  කටාන ප්‍රාදේශිය සභාවට බවත්  කඩ කුලී  අයකර ගැනීම හා කඩ ටෙන්ඩර් කිරීම සභාව මගින් සිදුකල යුතුබවට කල  යෝජනා සභා සම්මත උවත්  හිටපු සභාපතිවරු සහ නිලධාරීන්  එම තීරණ ක්‍රියාත්මක නොකළ බව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දුපුල්ලේ මහතා අපකල විමසීමකදී පැවසිය .

මේවනවිට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අධ්‍යාපන පදනම අක්‍රීයව ඇති අතර එමගින් පවත්වාගෙන ගිය පෙරපාසැල්ද වසා  දමා ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img