හක්ක පටස් සමග කිබුලාපිටියේ ගිනිකෙළි ව්‍යාපාරිකයා අත්අඩංගුවට

වන අලින් ඇතුළු  සතුන් ඝාතනයට භාවිතා කරන හක්ක පටස් සකස්කිරීම සදහා  සදහා යොදාගන්නා  චීනපටස් වෙඩි 4400 ක් සමග ගිනිකෙළි නිෂ්පාදකයෙකු වලන දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අද 10 දින සවස කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදී  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිබුලාපිටියේ ප්‍රසිද්ධ  ගිනිකෙළි ව්‍යාපාරිකයෙකි.

නිෂ්පාදනය තහනම් කරනලද  මෙම වෙඩි ලගතබා ගැනීම මෙන්ම නිෂ්පදනය කිරීමද බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කිරීමකි.

විශේෂයෙන්ම හක්ක පටස් ආහාරයට ගැනීමෙන් වන අලින් තුවාල ලබන අතර මුඛයට ඇතිවන හානිය නිසා අහාර ගැන්මට නොහැකිවී නිරාහාරව දුක්විද මරණයට පත්වේ.

එක් එක් සතා අනුව  කෑමට ප්‍රියකරන ආහාරයක් සමග චිනපටස්  දවටා හක්ක පටස් සෑදීම සිදු  කරන අතර අත්අඩංගුවට ගෙන ඇති චින පටස්  තොගයෙන් විශාල හක්ක පටස් ප්‍රමාණයක් සෑදිය හැකිබව දැනගන්නට ඇත

සැකකරු සහ වෙඩි තොගය කටාන පොලිස් ස්ථානයට බාරදී ඇති අතර . වැඩිදුර විමර්ශන වලින් පසුව හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img