හක්ක පටස් හැදුවොත් බලපත්‍ර අහෝසියි ……. හදන්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුකෙරෙන රතිඤ්ඤා හා ගිණිකෙලි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය සහ වෙනත් රසායන ද්‍රව්‍යද භාවිතා කරමින් “චීන පටස්” නැමැති නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන බවට ද වාර්තා වේ. මෙම “චීන පටස්” සහ රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන අමුද්‍රව්‍ය භාවිතා කර “හක්කා පටස්” නැමැති නිති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත.

වගාබිම් වලින් වන සතුන් පලවා හැරීම සඳහා බහුලව භාවිතා වන බව වාර්තා වන අතර මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මගින් පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන්ට හා වන සතුන්ට සිදු වූ දරුණු තුවාල සහ මරණ කිහිපයක් ද වාර්තා වී තිබේ. එමෙන්ම මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික හා සංරක්ෂණ අභියෝග ද මතු වී ඇති බව නිරීක්ෂණය වේ.

මේ වන විටත් තහනම් කර ඇති “හක්කා පටස්” සහ “චීන පටස්” නැමැති පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය , බෙදා හැරීම, ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තව දුරටත් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ තීරණයකට අනුව එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සහ එම නීති විරෝධි ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් කටයුතු සිදුකර ඇත.

එමෙන්ම රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයන් මින් ඉදිරියට මෙවැනි නීති විරෝධී නිෂ්පාදන කටයුතු වල නියැලී සිටින බව හෝ ඒ සදහා අනුබල ලබා දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත.

මෙම තීරණය ඔස්සේ ශ්‍රී ලංකා රජය, අප රටේ පුද්ගල ජිවිත මෙන්ම වන සතුන් ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ගෙන තිබේ. එවැනි හානිකර නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටීමෙන් සහ මේ වන විටත් තහනම් කර ඇති “හක්කා පටස්” හෝ ඒවා නිපදවීමට යොදා ගන්නා “චීන පටස්” නිෂ්පාදනය කිරීමේ, ළඟ තබා ගැනීමේ හෝ විකිණීමේ ඕනෑම සිදුවීමක් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වනජීවී බලධාරීන්ට වාර්තා කිරීමෙන් සහාය දක්වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාව වෙත දැනුම් දී සිටී.

උපුටා ගැනීම ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවියෙන්

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img