ලංකාවට ප්‍රශ්නයක් නම් එය අපේම ප්‍රශ්නයක් -ඉන්දීය මහකොමසාරිස්

ශ්‍රිලංකාවේ යම් ප්‍රශ්නයක් ව්‍යසනයක්  ඇති උවහොත් ඉන්දියාව එය සලකන්නේ එය  ඉන්දියාවට   සිදුවූ ව්‍යසනයක් ප්‍රශ්නයක්  ලෙස බව ශ්‍රිලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ්ජා මහතා පැවසිය

මහකොමසාරිස්වරයා මේබව සදහන්කලේ අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්වූ මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පවුල් 400 කට පමණ වියලි අහාර බෙදාදීමේ අවස්ථාවකට එක් වෙමිනි

සිදුවූ ව්‍යෂණය පිලිබදව ඉන්දියාව දැඩි ලෙස කම්පනයට පත්වුණා  පළමු අවස්ථාවේදීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍ය තුමා අනුර කුමාර   දිසානායක ජනාධිපති තුමා සමග සාකච්චා කරමින් ශ්‍රීලංකා රජය හරහා  අවශ්‍ය සහන සැලසීමට කටයුතු කළා  ඉන්දියාවේ ගැටලුවකදී ඉන් මිදීමට ගන්නා උත්සාහයට සමාන සහයෝගයක් අපි  ශ්‍රී ලංකාවට ලබාදෙනවා

මේ වනවිට  නැවු සහ ගුවන්යානා මගින් ඉන්දියාව  විශාල සහනාධාර ප්‍රමාණයක් රැගෙනවිත් තිබෙනවා

ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නුවර රෝහලක් ස්ථාපිත කර තිබෙනවා දිනකට 200 කට පමණ ප්‍රතිකාර කලහැකි වෛද්‍ය එකක පිහිටුවා තිබෙනවා

ඒපත් වගේම ආපදාවට  පත්ව ඇති ප්‍රදේශවල පාලම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කරතිබෙනවා හලාවත ප්‍රදේශයේත් එවැනි පාලමක් සකස්කරනවා කොලබට පැමිණ තිබු නෞකාවේ තිබු චේතන් හෙලිකොප්ටර මගින් ජිවිත රැසක් බේරා ගත්තා.

මීලගට ඇත්තේ ශ්‍රීලංකාව යලි ගොඩනැගීමේ ක්‍රියාවලියයි ඒ සදහා ශ්‍රීලංකා රජයට අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙනවා අපි ශ්‍රිලංකාවේ ජනතාව සමග සැමවිටම සහයෝගයෙන් එකට සිටිනවා යයිද  ශ්‍රිලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ්ජා මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී පැමිණසිටි පිරිස ඇමතු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කව්න්ද ජයවර්ධන මහතා  අප රට අසීරු තත්වයන්ට පත්වූ සෑම අවස්ථාවකම ඉන්දීය ජනතාවත් රජයත් අපට උපකාර කර තිබෙනවා අපි බංකොලොත් වූ අවස්ථාවේ අපට ඩොලර බිලියන හතරක ආධාරයක් ලබාදෙමින් සහයෝගය දැක්වුවා

දිට්වා සුළි කුනාටුවේදීද අපට පළමුවම සහයෝගයට පැමිණියේ අපේ අසල් වැසියා වන ඉන්දියාවයි  කිසිදු බේදයකින් තොරව අවශ්‍ය උපකාර ලබාදෙනවා මෙතන නැති  අසීරුතාවයට පත්වූ  තවත් පිරිසක් සිටිනවා ඔවුන්ට අවශ උපකාර කිරීමට අප ඉදිරියේදීත් කටයුතු කරනවා යයිද වෛද්‍ය කව්න්ද ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Hot this week

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

Topics

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...

කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් කරනවා -ධිවර නියෝජ්‍ය ඇමති

මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img