මෙම ජයාරූප වලින් දක්නට ලැබෙන්නේ මිගමුව සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 42 ක් (රුපියල් හාරකෝටි විසි ලක්ෂයක් ) වියදම්කර 2009 09.19 දින විවෘත්ත කරනලද වැල්ල වීදිය නව මාළු වෙළද සංකීර්ණයේ ප්‍රයෝජනය සදහා ඉදිකළ වැසිකිලි පද්ධතියයි.
වසර 16 තිස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් මාළු වෙළද පොලේ මුදල් පමණක් එකතුකර ගෙන කිසිදු නඩත්තුවක් නොකිරීමෙන් මාළු වෙළද පොළ සමග වැසිකිලි පද්ධතියද ගරා වැටී ඇත.
මේ වනවිට එම ගොඩනැගිල්ල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ යාචකයන්ගේ නවාතැන් පොලක්ව ඇති අතර ඒ ඉදිරිපිට පෙට්ටිවල දමා කරවල වේලීමට තිබෙන බවද දක්නට තිබේ.
මිගමුව නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවදානය පිණිසයි.







