මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි …..?

මිගමුව මහා නගර සභාව විසින් 1993 වසරේ රුපියල්  විසිහතර ලක්‍ෂ විසිදහසක මුදලක් ගෙවා මිලදී ගත් අක්කර දෙකයි රුඩ්එකක් සහ පර්චස් 11 ක් විශාල  මිගමුව නගර මධයේ පිහිටි කඩොල් කැලේ  නමැති ඉඩම මේ වනවිට කොටස් කර   බාලදක්‍ෂ සංගම,ය සිංහ සමාජය සහ මිගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමය සහ රියදුරු පුහුණුව ලබාදෙන්නන්ගේ සංගමය වෙත නොමිලයේ බුක්ති විදීමට ලබාදී තිබේ

අද වනවිට මෙම ප්‍රදේශයේ එක් පර්චසයක  වෙළදපොල මිල ලක්ෂ 30 පමණ වන අතර ඒ අනුව පර්චස් 430 ක් වන මෙම  ඉඩමේ වත්මන් වෙළද පොළ වටිනාකම  මිලියන 1290 ක් පමණ වේ.

ලැබී ඇති තොරතුරු අනුව මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ මීගමුවේ පිහිටි සියලු කාර්යාල එකතැනකට ගෙනඒම සදහා අවශ්‍ය ගොඩනැගිලි සමග සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමේ අරමුණින්  මෙම ඉඩම එකල සිටි

මෙම ඉඩම් නිත්‍යානුකූලව බුක්තියේ සිටින අයට ලබාදී  නැතිබවද අමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුකාරවරයා ගේ අනුමැතියෙන් ලබාගෙන නැතිබවද

ජනතාවගේ  බදුමුදල් යොදවා මිලදී ගෙන ඇති මෙම ඉඩම වහාම නගරසභාවේ පාලනය යටතට  ගැනීමටත් මිලදී ගැනීමේ අරමුණ ඉටුකිරීමට වහාම පියවර ගතයුතුබවත් මීගමුවේ නගර වැසියන් පවසති.

1993 .03 23 දින ප්‍රසිද්ධ නොතාරිස් ආර්.එස්.කේ විජයරත්න මහතා විසින් ලියා සහතික කර ඇති අංක 295 දරණ ඔප්පුව ලිවීමේදී සදහන් කර ඇති අංක 1079 මානක සැලැස්මට අනුව මෙම ඉඩම කොටස් දෙකක් වශයෙන් තිබී ඇත.

මෙම ඉඩම තනි ඉඩමක් බවට පත්කර අගය වැඩිකර ගැනීමට අවස්ථාව තිබියදී ඉඩමේ වටිනාකම අඩුවන පරිදි කොටස්  හයකට වෙන්වන ලෙස පාරවල් සකස්කර අනිතිකලෙස මෙම ඉඩම නොමිලයේ  බුක්ති විදීමට ඉඩ දී ඇත.

රජයට අයත් නීති විරෝධී ලෙස අන්සතුකර ඇති දේපල යලි පවරාගැනීමට මධ්‍යම රජය කටයුතු කරමින් සිටින අවස්ථාවක කෝටි 129 ක් පමණ වටිනා මිගමුව නගර සභාවේ හිටපු පාලකයන් සහ නිලධාරීන් අනිතිකව අන්සතු කර ඇති මෙම දේපල සොචම් තක්සේරුවකට දැනට බුක්තියේ සිටින කණ්ඩායම වෙතම ලබාදීමට වත්මන් නගර සභාවේ සමහර ධුරධාරින් සහ නිලධාරීන් කටයුතු කරමින් සිටිනබව මිගමුව නගර සභාවේ ප්‍රගතිශීලි සේවකයන් පවසති.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img