පවතිනයුද්ධය හේතුවෙන් අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද විවිධ ගැටලුවලට මුහුණදෙමින් සිටි.
මේ අතරින් බලශක්තිය ප්‍රධානතම ගැටලුවක් වී තිබේ නිවසේ එක විදුලි බල්බයක් විදුලි පංකාවක් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චියට ගෙන විදුලි බලය ඉතිරි කිරීමට දායක වීම සියලු පුරවැසියන්ගේ වගකීමකි
මෙවන් අවස්ථාවක බලශක්තිය නාස්ති කිරීමක් සිදුවන්නේනම් එය ජාතික අපරාධයකි.
කටාන ප්‍රදේශීය සභාව විසින් අක්‍රමවත් ලෙස සවිකර දිවා රාත්‍රී දෙකෙහිම දැල්වීමට ඉඩදී ඇති වීදි ලාම්පු නිසා සිදු වන්නේද බලශක්තිය විනාස කිරිමකි.
කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ දිවා රාත්‍රී දෙකෙහි දැල්වෙන අනවශ්‍ය විදිලාම්පු ඉවත්කිරීම පිලිබදව පසුගිය මහාසභා රැස්වීමවලදීයෝජනා ඉදිරිපත්කර සාකච්චා කර තීරණ වලට එලබුනත් එම තීරණ මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
මෙම නාස්තිය පිලිබදව පුද්ගලිකව මෙන්ම ප්‍රවෘත්ති මගින්ද කටාන ප්‍රාදේශීය සභාවේමහජන නියෝජිතයන් දැනුත් කර ඇත.
මේවා නිවරදිකිරීමට කටයුතු නොකරන්නේ පැවති සිස්ටම් එක චේන්ජ් කර හිටපු දුරධාරින් අමනාප කරගැනීමට වත්මන් පාලකයන් තුල ඇති බියනිසා යයි ජනතාව පවසති
සබැදි පුවත්






