මිගමුව මහා නගර සභාවේ බලය මාලිමාවේ පාලනය…………?

“අද සිට මිගමුව නගර සභාව හොරකම නාස්තිය දුෂණයෙන් තොර මානව හිතවාදී ආයතනයක් ලෙස කටයුතු කිරීම ආරම්භ කරනවා ඒ සදහා සියලුම නිලධාරිගේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම අවශ්‍යයි.”

මාලිමවේ අපේ කණ්ඩායමට  මිගමුව නගරසභා බල ප්‍රදේශය ලංකාවේ  දියුණුම සහ ලස්සනම නගරය බවට පත්කිරීමේ සැලසුමක් තිබෙනවා.

නගර සභාවට දැනට නොලැබෙන  සියලු නිත්‍යානු අදායම් එකතුකර ගනිමින් හා නව අදායම් උත්පාදනව්‍යපෘති  ඇතිකරමින් සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් උපයාගැනීමට බලාපොරොත්තු වනවා

2025 ජුනිමස 02 වෙනිදා

නගරධිපති ධුරයේ වැඩ බාරගනිමින්.

 “මීගමුවේ  පැවති කප්පම් සහ මුඩුක්කු දේශපාලනය සහමුලින්ම ඉවත්කිරීමට කටයුතුකරනවා”

අලුතින් කිසිම අනවසර ඉදිකිරීමක් කරන්න ඉඩදෙන්නේ නෑ සභාවට අයිති දේපොළ පිලිබදව මේදිනවල සංගණනයක් කරනවා සභාවට අයිති දේපලවලින් නිත්‍යානුකුල බලයක් නොමැතිව මුදල් එකතු කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ.

 එහෙම තැන් පිලිබදව පැමිණිලි ලැබුනොත් නිත්‍යානුකුල පියවර ගන්නවා

2025 ජුලි මස 30 දින.

ඉහත සදහන්වන මීගමුවේ වෙනසක් වෙනුවෙන් මාලිමාවට ජන්දය ප්‍රකාශකළ  සාතිශය බහුතරයක් ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන කරුණු පිලිබදව   අවස්ථා දෙකකදී මිගමුව  මහා නගර සභාවේ නගරාධිපති  ජ්‍යෙෂ්ඨ නීතිඥ  රොබට් හීන්කෙන්ද මහතා පලකල අදහස් කිහිපයකි.

මිගමුව මහානගර සභාවේ මාලිමා  පාලනයට මේ වනවිට මාස දහයක කාලයක් ඉක්ම ගොස් ඇත.එහෙත් ඉහත සදහන්කල කරුණු ඇතුළු ජනතාව ඉල්ලාසිටි වැදගත් කරුණු ඉටුකිරීමට නොහැකිවී ඇති අතර අවම වශයෙන් අවශ්‍ය වැඩ පිළිවෙලක්ද තවමත් ආරම්භ කර නැති අතර පැවති අනීතික කටයුතු නිතිය නමා නිත්‍යානුකූල කරමින් ඇත.

මෙම ලිපිය අනවශ්‍ය ලෙස දිගුවීම වලක්වා ගැනීම සදහා එවැනි කරුණු පිලිබදව කෙටියෙන් සටහන් කරන අතර අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා අවශ්‍ය දිගු යකර ඇත.

අද වනවිට දිනකට ලක්ෂයකට අධික මුදලක් එකතුවන  වසර 17 ක් තිස්සේ ධිවර සමිතියකට සහ දේවස්ථානයකට මුවාවී කල්ලි කණඩායම් විසින් කොල්ල කනු ලබන මිගමුව නව මාළු වෙළද පොලේ අදායම නගර සභාවට ලබාගැනීම සදහා මෙතෙක් යෝජනාවක් හෝ ඉදිරිපත් කර නැත.

මීගමුවේ නව මාළු වෙළද සංකීරණය කාගේද …..?

 

පැහැදිලි ලෙස මහනගර සභවට අයිතිය ඇතිබවට තොරතුරු සහ ලිපිලේඛන තිබෙන කිසිදු නිත්‍යානුකූල පදනමක් නොමැතිව නොමිලයේ විවිධ කණඩායම්වලට ලබාදී ඇති ඉඩම් සහ ගොඩනැගිලි එකින් එක යලි නගර සභාව බාරයට ගැනීම සදහා කටයුතු කිරීමවෙනුවට සියලු ඉඩම් ගොඩනැගිලි  පිළිබද තොරතුරු එක්රැස්කර අවශ්‍ය පියවර   ගන්නා බව පවසමින්මේසදහා අවශ්‍ය කටයුතු කිරීම මගහරිමින් සිටි

මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි …..?

අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීම මගහරිමින් නගරසභාවට අයත් නොවනමංමාවත් වල නවත්වන වාහනවලින් මුදල් අයකරගැනීම සදහා ටෙන්ඩර් ලබාදීම.සහ නගර සභවට අයිති පාරවල් වල කල්ලි කණඩායම් වලට මුදල් එකතු කරගැනීමට ඉඩදීම

නගරය තුල විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් නීතිවිරෝධී “නාගරික කොමසාරිස්ගේ අණපරිදි”  යනුවෙන් සටහන් කර තබා  ඇති වාහන නැවැත්වීම තහනම් පුවරු නිසා නගරයට පැමිණෙන ජනතාවට වාහනයක් නතරකර ගැනීමෙදී මුහුණ දෙනදැඩි අසීරුතාවයා  ඉවත් කරවීමට අවශ්‍ය කටයුතු මෙතෙක් සිදුකර නැත.

 

මීගමුවේන්  ගිලිහි ගිය සංචාරක  ව්‍යාපාරය යලි ගොඩනැගීම සදහා මුලික අවශ්‍ය තාවයක් වන නගරය අලංකාර කිරීම සදහා තැන තැන ගොඩගැහෙන කුණු ක්‍රමානුකූලව ඉවත්කිරීමට තවමත් නොහැකිවී ඇත. නගරයේ අලංකාරයට සහ සෞඛ්‍යට බරපතල හානියක් සිදුකරන කණුවල එල්ලා තිබෙන වැරහැලි ඉවත්කර නැවත දැන්වීම් එල්ලීමට වැළැක්වීමට  අවශ්‍ය පියවර ගෙන නැත.

නගරය අපිරිසිදුයි මීගමුවේ සංචරක කර්මාන්තය අනතුරේ -හෝටල් හිමියන්ගේ සංගමය

නගරයේ අනවසර ගොඩනැගිලි සහ පෙට්ට්ටි කඩ ඉදිකිරිම සීග්‍රයෙන් ඉහල ගොස් ඇතිඅතර නගර සභාව විසින් දිනකට රුපියල් 100 ක් ලබාගනිමින් මේවා නිත්‍යානුකූල ස්ථාන බවට පත්කරදී ඇත. ලබාගන්නා රුපියල් 100 මෙම පෙට්ටි කඩ වලින් ඉවත දමන කසල ප්‍රමාණය කළමනාකරණයට හෝ ප්‍රමාණවත් නොවේ.

විදිලාම්පු අවශ්‍ය සංචාරක කලාපය ඇතුළු  බොහෝ ස්ථාන අදුරේ පවතිද්දී   විවිධ පුද්ගලික අවශ්‍යතා පදනම් කරගනිමින් අවශ්‍යතාවය ඉක්මවමින් පසුගිය පාලන සමයන්හිදී  අනවශ්‍ය ලෙස සවිකළ වීදි ලාම්පු දිවා කාලයේද දැල්වී තිබෙනු දක්නට ඇත ඉතා කුඩා අතුරු මාවත්වල දෙපසේම ඇති කණුවල විදිලාම්පු සවිකර ඇත.

කොතලාවල පාලම කළුවරේ ජනතාව අනතුරේ

අලුත් මන්ත්‍රීවරුන් ද එවැනි අනවශ්‍ය විදිපහන් ඉවත්කිරීමට ඉඩනොදීමෙන්  මේවා ක්‍රමවත් කිරීමට නොහැකිවී ඇත.

කලක් පටන් පවතින අක්‍රමිකතා නිවැරදි කිරීමට නගරාධිපති වරයාට  පමණක් තනියෙම කටයුතු කලනොහැක ඒ සදහා සියලු මන්ත්‍රී වරුන්ගේ මෙන්ම නිලධාරීන්ගේ සහය අවශ්‍යය.එය එලෙසම සිදුනොවනබව පෙනෙන්නට ඇත

මතු සම්බන්දයි

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img