භික්ෂු ප්‍රතිරූපකයෝ රදවාගෙන ප්‍රශ්න කරති

රුපියල් බිලියන 1.1 ක්  ( රුපියල් කෝටි 110) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක, ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්  භික්ෂූ ප්‍රතිරුපකයන් 22දෙදෙනා  මැයි 02 දක්වා මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ    රඳවාගෙන ප්‍රශ්න කිරීමට  මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය ඊයේ  (26  )  පස්වරුවේ අවසර ලබාදුන්නාය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද විශේෂ බුද්ධි තොරතුරකට අනුව එම කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී රුපියල් බිලියන 1.1 කට වඩා වටිනා කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 110 ක් සමඟ තරුණ බෞද්ධ භික්ෂූ ප්‍රතිරුපකයන් විසි දෙදෙනා  25 දින අලුයම   කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබිණි

මෙම භික්ෂූ ප්‍රතිරුපකයන් කණ්ඩායම පසුගිය අප්‍රේල් 22 වැනිදා තායිලන්තයේ, බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් ලබාදුන් ගුවන් ටිකට්පත් මගින් බවද මෙතෙක් සිදුකල  විමර්ශනවලදී හෙළිවී තිබේ. භික්ෂූ ප්‍රතිරුපකයන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, ඔවුන් තායිලන්තයේ දී සිවුරු ඉවත් කර සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසී ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමුවී තිබේ .

මෙම භික්ෂූ ප්‍රතිරුපකයන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ලබන මැයි 02 යලි  ඉදිරිපත් කිරීමට නියමිතයනීතිඥ දුලීශා විජේසූරිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක, ජ්‍යෙෂ්ඨ  නීතිඥ අජිත් පතිරන මහතාගේ උපදෙස් මත, නීතිඥ තරිඳු වික්‍රනායක, බුද්ධි උදාර, නීතිඥ සචිත් වෙල්ගම, නීතිඥ නාමල් වනිගසූරිය යන නීතිඥවරු පිරිසක් පෙනී  සිටියහ.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img