මෙම ජායාරුපයෙන් දැක්වෙන්නේ මිගමුව නගරයේ පාරවල් අයිනේ අනවසරයෙන්(ගෙවීම් නොකර ) සවිකර නඩත්තුවක් නොමැතිකමින් ඇති පාරට ඇලවී ඇති දැන්වීම් පුවරුවැකී.මිගමුව නගරයේ පාරවල් අයිනේ මෙවැනි දැන්වීම් පුවරු විශාල වශයෙන් දක්නට ඇත මේවා කොයි මොහොතක හෝ ගැලවී වැටීමට ඉඩකඩ ඇති අතර එය මහමග ගමන් කරන පුද්ගලයෙකු මත කඩාවැටී මාරක අනතුරක් පවා සිදුවිය හැකිය.
මේවා ඉවත්කර ගෙන ගොස් සභාව විසින් සිදුකරන මාර් ග වල නාමපුවරු සවිකිරීම බස් නැවතුම් ඉදිකිරිම වැනි සංවර්ධන කටයුතු සදහා ප්රයෝජනයට ගැනීමේ හැකියාවද ඇත.
තම තමන් නියෝජනය කරන කොට්ඨාශයේ තිබෙන මෙවැනි මාරක ඉවත්කිරීම සදහා කටයුතු කිරීම සියලු නාගරික මන්ත්රීවරුන්ගේ වගකීමකි.






