ඊයේ 8 දින රාත්‍රියේදී මිගමුව නගරයේ සාප්පු වැසි ජලයෙන් යටවූ බව ව්‍යාපාරිකයන් පවසති.මතුපිට කානු පද්ධතිය සහ ප්‍රධාන ඇළ මාර් ග නිසිලෙස නඩත්තු නොකිරීමත් ,මතුපිට කානු වසා ඇති කොන්ක්‍රීට් ස්ලැබ් කඩාවැටී කානු අවහිර වීමත් කැඩුණු ස්ලැබ් අතරින් සමහර ව්‍යාපාරික ස්ථානවල සේවකයන් කාණුවට කුණු අතුගා දැමීම නිසා කාණුවල ජලබැස්ම අවහිර වීම ද මෙලෙස වැසිජලයෙන් නගරය යටවීමට හේතුවේ
එමෙන්ම කානු මතින් පාරවල් ඉදිකර ඇති ස්ථානවල කාණුවේ පිරිසිදු කිරීම අත්හැරීමෙන් කානු හිරවීම නිසා ජලය ගලායාමේ වේගය අඩාල වීමද වැසි ජලයෙන් නගරය යටවීමට බලපාන තවත් හේතුවකි.
එමෙන්ම ඇල මාරග මත ගොඩනැගිලි ඉදිකර ඇති ස්ථාන පව්ත්‍ර කිරීමේ කටයුතු නිසිපරිදි සිදුකිරීමට නොහැකිවිමෙන්ද වැසිජලය බැසයාමේ වේගය අඩාලවේ.
කානු අසල සිටුවන ගස්වල මුල්නිසා කාණුවේ පැති බැම්ම කැඩී කානුව අවහිර වීමෙන් වැසිජලය බැසීමට බදා ඇතිවේ.
මතුපිට කානු පද්ධතියේ සිදුකල යුතු වෙනස් කම් සැලසුමකට අනුව සිදුකරමින් ජලය බැසයාමට අවශ්‍ය කටයුතුකර නගරය වැසි ජලයෙන් යටවීම වලක්වා ගතයුතුබව පුරවැසියෝ පවසති






