මීගමුවේ ව්‍යාජ නැවත්වීම තහනම් පුවරු ඉවතට – යෝජනාව එකජන්දයෙන් සම්මතයි

මෙවර මිගමුව මහානගර සභාවේ මාසික රැස්වීමට සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක දිලිණි ජයකොඩි මන්ත්‍රීවරිය විසින් යථාපරිදි කල්දී ඉදිරිපත්කල යෝජනාවක් එකච්චන්දයෙන් සම්මත විය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම යෝජනාව  නගරාධිපතිවරයා ඇතුළු  පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ ඇගයීමට ලක්වීමයි.

“මිගමුව මහානගර සභාව විසින් ටෙන්ඩර් කැදවා බදුකරුවන් වෙත බදු දී ඇති රථගාල්  සහ පොළවල්  වල අයකරන ගාස්තු සහ ගාස්තු අයකළ හැකි  සීමාවන් පිලිබදවතොරතුරු පැහැදිලිව මහජනතාවට  දැකගත හැකිවන  පරිදි අවම වශයෙන්  මීටර් 25 කට එක් දැන්වීම් පුවරුවක් බැගින් ඉදිකර පවත්වාගෙන යාම.

බදු එකතුකරන බදුකරුගේ සේවකයන් පැහැදිලිව හදුනාගැනීමට හැකිවන පරිදි සුදුසු නිල ඇදුමක් හදුන්වා දී එම නිල ඇදුම බදු එකතුකරන අවස්ථාවලදී ඇද සිටිය යුතු බවට කොන්දේසියක් බදුගිවිසුමට ඇතුලත්කිරිම.

නගර සීමාව තුල නාගරික කොමසාරිස්ගේ අණපරිදි වාහන නතරකිරිම සහ තහනම් කර ඇති ස්ථාන පිලිබදව විස්තර තොරතුරු ඇතුලත් ලේඛනයක් පවත්වාගෙනයාමට කටයුතුකර එම ලේඛනයේ සදහන් නොවන ස්ථානවල වාහන නැවත් වීම තහනම් කරමින් තබා ඇති දැන්වීම් පුවරු ඉවත්කිරීමට කටයුතු කිරීම”

යන කරුණු මෙම යෝජනාවට ඇතුලත් විය.

මෙම ප්‍රගතිශීලි  යෝජනා කඩිනමින්  ක්‍රියාත්මක කිරීම  බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img