නගරාධිපති අපහසුතාවලට ඇද දමන නිලධාරී කුමන්ත්‍රණ පරදවමු

මිගමුව සෙල්බි පාර නගර සභාවේ දේපොලක් බවත් එහි  නතරකරන වාහන වලින් මුදල් එකතුකිරිම සදහා කිසිම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට නගර සභාව විසින්  නිත්‍යානුකුල අවසරයක් ලබාදී නැතිබවත් එම අනීතික  මුදල් එකතුකිරිම (කප්පම ගැනීම )අවසන් කිරීමට කටයුතු කරනබව ජේෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා එක්වරක් නොව අවස්ථා කිහිපයකදී මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශ කර ඇත.(පළමු ප්‍රකාශය සිදුකර වසරක් ගතවී ඇත )

මේ අනුව නගරාධිපති වරයා විසින් මෙම නගර සභාවට අයිති සෙල්බි පාරේ නතර කරන වාහන වලින් මුදල් අයකිරීම  (කප්පම් ගැනීම) වැළැක්වීම සදහා   මිගමුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරන ලෙස අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදී කාලයක් ගතවී ඇතත් නිලධාරීන්  එම නියෝගය ක්‍රියාත්මක කලේ නැත..

මෙවැනි අවස්ථාවක එතුමා වැටී සිටින අසීරුතාවයෙන් මුදවා ගැනීමටත් එතුමා ගනුලබන ප්‍රගතිශීලි කටයුත්තක් සදහා පුරවැසියෙකු සිදුකල යුතු සමාජ වගකීමක් ඉටුකිරීම සදහාත් අවශ්‍ය  පැමිණිල්ල 2026 .06.23 දින මිගමුව මුලස්ථාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති තුමාවෙත ලිඛිතව ඉදිරිපත්කිරීමට  අප කටයුතු කළෙමු.

එම පැමිණිල්ල පිලිබදව වහාම ක්‍රියාත්මකවූ පොලිස් ස්ථානාධිපතිතුමා එහි පරීක්ෂණ කටයුතු රථවාහන පොලිසියේ ස්ථානාධිපති තුමාට ලබාදුන් අතර එතුමා විසින් පරීක්ෂණ කටයුතු වහාම ආරම්භ කර මුදල් එකතුකිරිම සිදුකරවන පුද්ගලයා කැදවා මුලික පරීක්ෂණයක් 24 දින රථ වාහන අංශයේදී සිදුකල අතර වැල්ල විදිය දේවස්ථානයෙන් ටෙන්ඩරයක් මගින් පාරේ නතරකරන වාහනවලින් මුදල් අයකිරීම සදහා තමන්ට අවසර දී ඇති බව එම පුද්ගලයා  ප්‍රකාශ කළේය.

අප විසින් ඔහුගෙන් එම අවසරය ඉල්ලා සිටි අතරඑදින  දේවස්ථානය බාර පියතුමා නිවාඩු ලබාගෙන ඇති බැවින් ඒම ලේඛන පියතුමාගෙන් ලබාගෙන හෝ පියතුමා සමග පැමිණඉදිරිපත් කිරීම   සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව පරීක්ෂණය  2026.07.01 දින පෙරවරු 9.00 ට පැවැත්වීමට තීරණය විය.

මේ අනුව ජුලි මස 01  දින පැවැත්වෙන විභාගය සදහා නගාරික කොමසාරිස් හෝ බලයලත් නිලධාරියෙකු කැදවන ලෙස අප පොලිසියෙන් ඉල්ලා සිටි අතර නීති නිලධාරී සමග නාගරික කොමසාරිස් හෝ සුදුසු නිලධාරියෙකු මෙම අවස්ථාවට සහභාගී කරවන ලෙස අපි  නගරාධිපති තුමාගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කරමු

එසේ නොමැතිනම් නගරාධිපති වරයා හෝ වත්මන් නගර සභාවේ පාලනය කිසිදු බලවේගයක් ඉදිරියේ අනීතික කටයුතු වලදී යටත් නොවනබව මීගමුවේ බදුගෙවන ජනතාවට තහවුරු කිරම සදහා ලැබී ඇති මගගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සදහා මෙම පරීක්ෂණයට  නගරාධිපති තුමාද නිලධාරීන් සමග  සහභාගී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.  

Hot this week

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

Topics

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img