මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිවීමත් සමග භාවිතය ඉහල ගොස් ඇති බවට ගෙනයන ප්‍රචාරයන්ගේ සත්‍ය තාවයක් නැතිබවත් මේවනවිට මත්ද්‍රවය භාවිතා කරන්නන් අල්ලා පැකට් නඩු දැමීමේ සිට ජාලගත මත් ද්‍රවය ජාලවල ජ්‍යාතන්තර ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම දක්වා විමර්ශන පුළුල් කරතිබෙන බවත් ජාවාරම් කරුවන්ගේ කෝටි 12 හක පමණ මුදල් සහිත ගිණුම් මේ වරසරේදී අක්‍රිය කර ඇතිබවත් සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායක මහතා පවසයි.
එමෙන්ම මේ වනවිට තරුණ කාන්තාවන් සහ පාසැල් ළමුන් අතර විෂමත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අයිස් සහ හෙරොයින් වෙනුවට ගංජා සහ මත්පෙති ආදේශක ලෙස භාවිතා කිරීමද වැඩිවී තිබෙන බවද සහකාර පොලිස් අධිකාරී වරයාවැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ඊයේ 2 දින පැවති මිගමුව ප්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී සහකාර පොලිස් අධිකාරි වරයා මේබව ප්‍රකාශ කළේය.
සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිගමුව වැල්ලවීදිය හින්දු තරුණ සංවිධාන ශාලාවේදී ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පැවත්විණි.






