නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන අධිකාරියට අයත්  මාර් ග වල නතර කරනු ලබන වාහන වලින් ගාස්තු අයකර ගැනීම සදහා අවසර ලබාදී නොමැතිබව  මාර් ග   සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරී විසින් 2026 .06 .18 දින අපවෙත දන්වා ඇත

එමන්ම එම මාර් ගවල රථගාල් නගර සභාව විසින් ටෙන්ඩර් කර ලබාදී ඇත්නම් ඒවා අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් වෙත ලිඛිතව දන්වා ඇත එම ලිපිය මේසමග පලකර ඇත.

මාර් ග   සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරී විසින් ලබාදී ඇති තොරතුරු අනුව .අංක B078  පරණ හලාවත පාර සහ අංක B 425 තුඩැල්ල පමුණුගම තලාහේන මිගමුව පාර යන මාර් ග   වල නතරකර තබන  වාහන වලින් මුදල් අයකරගැනීමට නිත්‍යානුකුල අයිතියක් මිගමුව නගර සභාවට නැත.

ඒ අනුව තමන්ට අයිති නැති මාර් ග   සංවර්ධන අධිකාරියසතු  දේපොලක් ටෙන්ඩර කර මුදල් අයකරගැනීම සදහා  පුද්ගලයෙකුට හෝ ආයතනයකට බාරදී ගිවිසුම් ගතවීමට නිත්‍යානුකුල අයිතියක් මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් වරයාට නොමැත ඒ අනුව අත්සන්කර ඇති ගිසුම් අපදන්නා ගිවිසුම් නීතියට අනුව බලරහිත ආරම්භයේ පටන්ම නිත්‍යානුකුල ගිවිසුම් නොවේ.

ඒ අනුව ටෙන්ඩරය ලබාගෙන ඇති පුද්ගලයාටද මුලසිටම අවලංගු බල රහිත ගිවිසුමක් භාවිතා කරමින් මාර් ග සංවර් ධන අධිකාරියට අයත් පාරක   මුදල් අයකර ගැනීමටද නිත්‍යානුකුල හිමිකමක් නැත ඒ අනුව ඔහු සිදුකරන්නේද  නීති විරෝධී ක්‍රියාවකි.

අප මේ අකටයුතුකම් හෙළිකරනු ලබන්නේ ටෙන්ඩර් කරුහෝ මහනගර සභාව සමග ඇති පුද්ගලික අමනාපයක් එදිරිවාදිකමක් නිසා නොව සත්‍ය තොරතුරු ජනතාවට ලබාදීමත් අනීතික කටයුතු වැළැක්වීම සහ  පුරවැසි  වගකීම ඉටුකිරීම සදහාය.

ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුවන රොබට්  හීන්කෙන්ද මිගමුව පුරපතිවරයා මෙවැනි අනීතික කටයුතු සදහා අනුබල නොදෙන බව අප  විශ්වාශකරන අතර දැනට දින කිහිපයකට පෙර පොලිසිය මැදිහත්ව නතරකල සෙල්බි පාරේ සිදුකල අනීතික  මුදල්  එකතු කිරීම(කප්පම් ගැනීම) මෙන්ම පිටිපන ලෙල්ලම අසල පාර  දෙපස නතර කරතබන වාහනවලින් මුදල් එකතු කිරීමද නිත්‍යානු කුල නොවන අනීතික ක්‍රියාවකි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img