කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා සදහා පාසැල් සිසුන් ක්‍රියාකාරිව දායක කරගන්නා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිම සදහා කඩිනමින් වැඩපිලිවෙලක් සකස්කරනබවත් මිගමුව පුරපති චාමර ප්‍රනාන්දු මහතා පැවසිය .
නගරාධිපති වරයා මෙම අදහස් පලකලේ මිගමුව මාරිස්ටෙලා විදුහලේ ශිෂ්‍ය නායකයන් විසින් ප්‍රදේශයේ තවත් පාසැල්වල ශිෂ්‍ය නායක නායිකාවන් ගේ සහභාගිත්වයෙන් මිගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාවට 22 දින උදෑසන ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.
කසල කළමනාකරණය සදහා පුරවැසියන්ගෙන් ලැබෙන දායකත්වය ඉතාමත් අඩුයි අනාගත නායකයන් මේ කසල කළමනාකරණය සදහා දායකවීමට උනන්දුව දැක්වීම අගයකරනවා යයිද නගරයේ එකතුවන කසල වලින් දැනට ප්‍රතිචක්‍රීය කරන්නේ 9 % ක ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරියේදී මෙම ප්‍රතිශතය වැඩිකිරීම සදහා මෙන්ම කසල කළමනාකරණය සදහා කෙටිකාලින මෙන්ම දිගුකාලීන ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බවද චාමර ප්‍රනාන්දු නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය
මෙම අවස්ථාවට නිවෙස්ටඩ් බාලිකා විදුහල අවේමරියා විදුහල හරිස්චන්ද්‍ර විදුහල විද්‍යාලංකාර විදුහල ශාන්ත ජෝසෆ් විදුහල ඇතුළු විදුහල වල ශිෂ්‍ය නායක නායිකාවන් සහ ගුරුවරු සහ විදුහල් පතිවරුද ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය





