මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු ජනතාව ප්‍රතික්ෂේප කල පැවති මජර පාලනය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සදහාසිදුකරන වංගු ගැසීමේ දක්නට ඇත.
අප දිගින් දිගටම අනාවරණය කල පරිදි සෙල්බි පාරේ වැල්ලවීදිය දේවස්ථානය නමින් බිල්පතක් ලබාදෙමින් මුදල් එකතු කිරීම එවැනි එක් කරුණකි.
මෙම මුදල් එකතු කිරීම පිලිබදව මිගමුව මහා නගර සභාවේ මාසික මහාසභා රැස්වීම වලදී ස්වාධින නාගරික මන්ත්‍රී සජිත් මොහාන් මහතා මෙන්ම තවත් නාගරික මන්ත්‍රීවරු අවස්ථා කිහිපයකදී කරුණු ඉදිරිපත්කර ඇත.
එමෙන්ම පුරවැසියන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් මෙම අනීතික මුදල් අයකිරීම (කප්පම් ගැනීම )පිලිබදව නාගරික කොමසාරිස් ,මිගමුව මුලස්ථාන පොලිසියට මෙන්ම පොලිස් අධිකාරී කාරයාලයට ලිඛිතව පැමිණිලි කර තිබේ
මේ අතර පසුගිය මහා සභාවට පෙරදින සෙල්බි පාරේ නතරකරන වාහනවලින් මුදල් එකතු කිරීම සදහා අවසර ලබාදී නැතිබව සදහන් පුවරුවක්නගර සභාව විසින් සවිකර තිබිණි.
මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක ලබාගනිමින් සෙල්බි පාරේ නතරකරන වාහනවලින් මුදල් එකතු කිරීම සදහා ටෙන්ඩර් කර බදුකරුවෙකුට ලබාදී ඇත්තේ මිගමුව මහානගර සභාව විසින් නොවනබවද අපවෙත ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලිවේ.
මේ අතර මෙම වසරේ දෙසැම්බර් මස 31 දින දක්වා මුදල් එකතුකිරීමට අවසර ලබාදෙන ලෙස බදුකරු ලෙස පෙනීසිටින අය ඉල්ලීමක් කර ඇතිබවත් ඒ සදහා වන සාකච්චාවක් මහා නගර සභාවේදී පැවත්වෙන බවත් දැනගන්නට ඇත.
මහා නගර සභාවට අයිති දේපොළක් ටෙන්ඩර් කර බදුකරුවෙකුට ලබාදිමේ බලයය ඇත්තේ මහා නගර සභාවට බැවින් කල යුතුව ඇත්තේ එම නිත්‍යානුකූල පියවර ගැනීමමිස සාකච්චා පවත්වමින් කල්මැරීම නොවනබව මීගමුවේ බදුගෙවන ජනතාව පවසති





