මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම ප්‍රශ්නය වී ඇත්තේ  නිලවාහන බෙදා ගැනීම සදහා නිලධාරීන් සහ ධුරධාරින් අතර තිබෙන ආරවුල බව නගර සභාවේ  ප්‍රගතිශීලි නිලධාරීන් මෙන්ම සේවකයෝ පවසති.

මේ වනවිට සභාව සතු වාහනයකින් මෙම ගැටළුව  කළමනාකරණය කර නොගෙන සුඛෝපභෝගී වාහනයක් කුලී පදනම යටතේ ලබාගැනීම සදහා කටයුතු සිදුකරමින් පවතින බවද එම සේවකයෝ පවසති

දැනට නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් නිලරථ වෙන්කර ඇතිඅතර නියෝජ්‍ය නගරාධිපතිවරයා සදහාද නිල වාහනයක් ලබාදීම සදහා මහාසභා විසින් අනුමැතිය ලබාදී ඇත.

මෙම අනුමැතිය ලබාගැනීම සිදුකර  ඇත්තේ බස්නාහිර පළාතේ පළාත්පාලන කොමසාරිස්ගේ අත්සනින් CM/WP/87/02/01 අංකයෙන්  හා 2018. 09. 11 දින නිකුත්කර ඇති පළාත් පාලන ආයතන සතු නිල වාහන පෞද්ගලික කටයුතු  සදහා යොදා ගැනීම යන සිරසින් නිකුත්කර ඇති ලේඛනය පදනම් කරගනිමිනි.

මෙම ලිපියට අනුව “ 2018.08.08 දින නගරාධිපතිවරුන් සමග පවත්වන ලද සාකච්චාවේදී ඉල්ලීම කළපරිදි උක්ත අනුමැතිය පහත සදහන් කොන්දේසිවලටයටත්ව බස්නාහිර පළාතේ මහා නගර සභාවන්හි ගරු නියෝජ්‍ය නගරාධිපති වරුන් වෙත  ලබාදීමට ප්‍රධාන අමාත්‍ය හා පළාත්පාලන විෂයභාර අමාත්‍ය තුමා විසින් අනුමැතිය ලබාදී ඇතිබව කාරුණිකව දන්වමි” යනුවෙන් සදහන් කර ඇත.

එම ලිපියේ සදහන් කොන්දේසි අනුව “සභාව සතු වාහන අතරින් නිල වාහනයක් යොදා ගැනීමේදී  ආයතනයේ හෝ සභාවේ සාමාන්‍ය සේවා පවත්වාගෙන යාමට බාදාවක් නොවන පරිදි යොදා ගතයුතුය”

එමෙන්ම “නියෝජ්‍ය නගරාධිපතිවරුන් නිල කාරයන් සදහා නිශ්චිත වාහනයක් වෙන්කිරීම සහ එම වාහනයට යෙදිය යුතු උපරිම ඉන්ධන ප්‍රමාණය කවර ප්‍රමාණයක් ද යන්න පුරවයෙන් සභාව විසින් සම්මත කරන ලද යෝජනා සම්මුතියක් මගින් තීරණය කලයුතුය”

පළාත්පාලන කොමසාරිස් විසින් නිකුත්කරනලද  ඉහත සදහන්  ලිපිය අනුව ඉන්ධන පිලිබදව සීමාවක් දක්වා නැති නමුත් රජයේ වාහන පුද්ගලික පරිහරණය සදහා වන සීමාවන්  පිලිබදව සදහන්වඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිලවාහන සදහා ඉන්ධන සැපයීම සහ එම වාහන රියදුරන් සදහා අතිකාල හා සංයුක්ත දීමනා ගෙවීම නමැති 13/2008 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය  ඇතුළු මධ්‍යම රජය විසින් නිකුත්කර ඇති චක්‍රලේඛ අදාළ වන්නේද නැත්ද යන්න ගෙව්ම් කිරීමට පෙර තවුරුකර ගැනීම ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ වගකීමකි.

එමෙන්ම ප්‍රමාණවත් වාහන නොමැති අවස්ථාවක වාහනයක්  කුලී පදනමින් ලබාගැනීම සදහා ප්‍රතිපාදන මෙමගින් ලබාදී නැත.

Hot this week

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

Topics

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img