22 C
Negombo
22 C
Negombo

ගෙවල් බිදින  වල්පොල මල්ලියා සහ හිනැටියන සරා අත්අඩංගුවට

-

දිනකට රුපියල් 6000 ක පමණ මුදලක් මතට වියදම් කිරීම සදහා කටාන පොලිස් වසමේ අක්කරපනහ දමින්නගහවත්ත දොන්ඩේවිඩ් මාවත දාගොන්න යන ප්‍රදේශවල ගෙවල් බිදුම් සිදුකල මත්ලෝලීන් දෙදෙනකු කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටාන පොලිසියේ සැරයන් 53155 සුදත් ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේඅවිවාහකයෙකු වන 49 හැවරදී  වල්පොල මල්ලියා සහ දෙදරු පියෙකු වන  හිනැටියන සරා යන දෙදෙනාය.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව කටාන පොලිස් වසමේ සිදුකල ගෙවල් බිදීම් 6 ක් පිලිබදව තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එම නිවෙස්වලින් සොරාගෙන කොලබ හෙට්ටිවිදියට සහ කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට අලවිකර තිබු ලක්‍ෂ 6 ක් පමණ ස්වර්ණාභරණ පොලිසිය බාරයට ගෙන ඇත.

සොරකම් කර දිවයිනේ විවිධ ප්‍රදේශ වලට අලවිකර තිබු ජංගම දුරකථන කැමරා රුපවාහිනී යන්ත්‍ර ඇතුළු විදුලි සහ විද්‍යුත් උපකරණ රැසක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

නිවැසියන් සිටියත් ඔවුන් තදින් නින්දට යන  රාත්‍රී 12.00 න් පසු සුක්‍ෂම ලෙස දොරක් ජනේලයක් විවෘතකර ගෙන නිවාස වලට ඇතුළුවී මෙම සොරකම් සිදුකල බව සැකකරුවන් ගෙන් සිදුකල ප්‍රශ්න කිර්ම්වලදී අනාවරණය වූබව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදී  සොරකම් සහ මංකොල්ල කෑම්  නඩුවල වැරදි කරුවන් වී    බන්ධනාගාර ගතව සිට ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය.

කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක මද්දුමබණ්ඩාර මහතාගේ උපදෙස අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාන් සුජීව මහතා සමග පොලිස් සැරයන් 53155 සුදත් ගුණවර්ධන 55459 පතිරණ පොලිස් කොස්තාපල්වරුන්වන 82685 උදයකුමාර30630දිලීප 93442 සදනුවන් සහ කාන්තා පොලිස් කොස්තාපල් 10727 තිලිනිකා යන නිලධාරීන් විමර්ශන කට්යුතු සදහා සහභාගිවී ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.