13 දුන්නොත් තියෙන සාමයත් අනතුරේ -විමල් වීරවංශ

-

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් ජාතීන් අතර සහජීවනය සංහිදියාව ගොඩනැගිය නොහැකි බවත් සිදුවන්නේ ජාතින් අතර තිබෙන සමගියත් සාමයත් නැතිවීම බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පැවසිය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය  ඔහුට විරුද්ධව පවරා ඇති ගමන් බලපත්‍ර නඩුවට පෙනිසිටිමෙන් අනතුරුව රටේ වත්මන් දේශපාලන තත්වය පිලිබදව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි

මෙහිදී තවදුරටත් අදහස් පලකල විමල් විරවංශ මහතා  13 පුර්ණ වශයෙන් බලාත්මක නොවී යාපනය තිස්ස විහාරයට තමන්ගේ ආගමික කටයුතු කරගෙනයාමටබදාකරන අන්තවාදී දේශපාලඥයන් සිටින  පලාතකට පොලිස් බලතල ඇතුළු බලය ලබාදුන්නොත් එදාට  තියෙන සාමය සහ සහජීවනයත් විනාශ වෙනවා

පමණයි අද වනවිට ජල ගාස්තුව විශාල වශයෙන් ඉහල දමා තියෙනවා තිබුණු ජාල ගාස්තුව ගෙවාගත නොහැකිවීම නිසා ලක්ෂයකට වැඩි ජල පාරිභෝගිකයන් පිරිසකගේ ජල සම්බන්ධත විසංදි කරලා ජලය කියන්නේ මුලික අවශ්‍යතාවයක් වැඩිවුණු බිල ගෙවාගන්න බැරිවුනාම විදුලිය ජලය විසන්දී කරනවා එයින් ජනතාව පිඩාවට පත්වෙනවා මේ ආර්ථික  අර්බුදයට ආණ්ඩුවට තියෙන එකම පිළිතුර  ජනතාව මත දිනෙන්දින බර පැටවීම.

රුසියන් යුක්රේන් අර්බුධය නිසා අද  සමස්ත ලෝකයටම අහාර හිගයක් පිලිබද බිය දැනී තිබෙනවා ඉන්දියාව සහල් අපනයනය නතරකරලා අපි බිලියන් ගණනක් වටිනා කිරිවදින ගොයමට අවශ්‍ය ජලය ලබානොදී ඒවා විනාශ වෙන දෙස බලාසිටිනවා.

ගොවිතැනට අවශ්‍ය ජලය ලබාදීමට ප්‍රමුකත්වය දියයුතුයි. කාලකරුවලේ  ජිවත්වෙනවද ලයිට් දාගෙන බඩගින්නේ මැරෙනවද කියන තීරණය ගතයුතු බවද විමල් විරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here