මීගමුවේ යුක්තිය බකල් කිරීමේ සැලසුමක් ……?

-

කුඩු ගංජා පාතාලය අවසන් කිරීමේ යුක්තිය මෙහයුම සමග  මීගමුවේ කොට්ඨායේ පොලිස් අධිකාරී එරික්  පෙරේරා මහතා විසින් ආරම්භකර ඇති කසිප්පු සහ ස්පා හෙවත් සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන මුදලට කාන්තාවන් අලවිකරණ ස්ථාන වැටලීමේ ක්‍රියාන්විතය නතරකිරිම සදහා එම ජාවාරම්කරුවන්දේශපාලන සම්බන්ධතා යොදාගනිමින් බලපෑම් කිරීමට සංවිධානය වෙමින් සිටිනබව යුක්ති ගරුක සමාජයක් අපේක්ෂාවෙන් සිටින ජනතාව පවසති.

මිගමුව නගරයේ පමණක් නිත්‍යානුකුල නොවන සම්භාහන ආයතන සියගණනක් තිබෙන අතර කටාන දිවුලපිටිය කොච්චිකඩේ සිදුව කටුනායක ඇතුළු  මිගමුව පොලිස්  කොට්ඨායේ අනෙකුත් බලප්‍රදේශ වලද මෙවැනි සම්භාහන ආයතන ප්‍රසිද්දියේ පවත්වාගෙනයන අතර මේවාට එරෙහිව ආගමික නායකයන් සහ ප්‍රදේශවාසී ජනතාව අවස්ථා ගණනාවකදී විරෝධතා පවත්වනු ලැබිය.

මෙම සම්භාහන ආයතන වල සේවයකරන කාන්තාවන් අතර හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවතා කරන අය සිටින බවත් ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන තරුණයන් මත්ද්‍රව්‍ය සදහා යොමුකරගැනීම සිදුවන බව සිදුකල විමර්ශ වලදී අනාවරණය වූ අවස්ථා ඇතිබව පොලිසිය පවසයි.

මිගමුව පොලිස් කොට්ඨායේ සිදුකරන අඛන්ඩ මෙහෙයුම් හමුවේ හෙරොයින් ගංජා කසිප්පු පමණක් නොව බාබුල් මෙන්ම මතට ඇබ්බැහිවුවනට සමහර  ඔසුසැල් සිදුකල  වේදනා නාශක  අලවිකිරීම  ද ඉතාමත් අවම මට්ටමකට පැමිණ ඇත.

දීර්ඝකාලීනව කසිප්පු වෙළදාමේ යෙදුනුසමහර  ජාවාරම් කරුවන් තමන් එම ජාවාරම නතරකර ඇතිබවසදහන් දැන්වීම් සහ බැනර් ප්‍රදර්ශනය ඇත.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here