විමල් නිදොස්කොට නිදහස්

-

විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට විරුද්ධව ආගමන විගාමන පනත ය‍ටතේ පනවා තිබු නඩුවෙන්ඒ මහතා  නිදොස්කර නිදහසකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්රඛිත අබේසිංහ මහතා  අද 01 දින නියෝග කළේය

.විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2.00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි  නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමග ඒ වනවිට  වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණිය හොත් විදෙස් ගත විය හැකි බව එම නිලදාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුනා.

මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන  නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින්  මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන  බව   ආගමන විගමන නිලධාරීන්අධිකරණය ඉදිරියේ  සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය ලබා දී  තිබුනේ සහකාර පොලිස් අධිකාරී වරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලක වරයාය.විසින් බවට නඩුව්භාගයේදී අනාවරණය විය

විත්තිය නොකැඳවාම විමල්විරවංස මහතා  නිදොස් කොට නිදහස් කරන ලෙස ඒ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලාසිටි අතර දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලටගත් මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්රඛිත අබේසිංහ මහතා විත්තිකාරමන්ත්‍රී විමල් වීරවංශ මහතා  නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here