අපවත් වී වදාළ අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශවයේ සම්මානණීය අනුනායක රද්දොළුවේ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කූරු කෝරළයේ සීදූව රද්දොළුව ගම් පියසේ දැහැමෙන් දිවි ගෙවූ වතු පාලක කේ. විල්සන් රොවෙල් මහතා හා කේ.පුංචිනෝනා මහත්මිය යන දම්පතීන් වෙත පුත් රුවනක් ලැබිණි.

1933 ජනවාරි 19 වැනිදා උපත ලද ඒ කුමරුවාට රෝලන්ඩ් රොවෙල් යන නම තැබිණි. රද්දොළුව මෙතෝදිස්න පාසලෙන් හා රද්දොළුව මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා වයස අවුරුදු 11 දී රද්දොළුව සුබෝධාරාම විහාරාධිපතිව වැඩ විසූ කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1944 දී රද්දොළුව අමරවංශ නමින් පැවිදි බිමට පත්විය. උන්වහන්සේ තම ගුරු දේවයාණන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළත් විය. එහිදී සිංහල, පාලි, සංස්කෘත භාෂා දැනුම පිළිබඳව හා සූත්‍ර, අභිධර්ම, විනය පිටක දැනුම ලබා විද්‍යෝදය අවසන් පරීක්‍ෂණයෙන් ද සමත් විය.

අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය බේරුවල සිරිනිවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල උපසම්පදාවද ලබාගත් උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත් වී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේදී තම ගුරු දේවයන් හා පැවිදි සහෝදර අරියවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම නිසා ගුරු දේවයාණන් අතින් ඉටුවූ සියලු ආගමික සහ සාමාජීය කටයුතු උන්වහන්සේ වෙත පැවරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට සිදු විය. තම ගුරු දේවයාණන් අපවත්වීමෙන් පසු රද්දොළුව සුබෝධාරාමය, රද්දොළුව අභිනවාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති ධුරයට අමරවංශ නාහිමියෝ පත්වූහ.

උන්වහන්සේ විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසුව විහාරස්ථාන වල දහම් පාසල් ආරම්භ කර ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු කිරීමටත් විහාරස්ථානය කේන්ද්‍රකොටගත් ළදරු පාසල් ආරම්භ කිරීමටත් ක්‍රියා කළහ.රද්දොළුව ප්‍රාථමික විද්‍යාලය සඳහා ඊට අදාළ භුමිය පරිත්‍යාග කිරීමත්, ළදරු පාසල් ගොඩනැඟිල්ල සඳහා ප්‍රාදේශීය සභාවට එම භූමිය ලබා දීමත් උන්වහන්සේ විසින් සිදු කරන ලදී.තමන් වහන්සේ යටතේ පාලනය වන විහාරස්ථාන දෙකෙහි දියුණුවට විශාල සේවයක් අමරවංශ නාහිමියන් අතින් සිදුවුන අතර ප්‍රදේශයේ කිතුනු දේවස්ථානය සමඟද සමීපව කටයුතු කරමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍ය භක්තිකයන්ගේද දහම් දැනුම හා ජන ජීවිතය නඟා සිටුවීමට ක්‍රියා කරවීමද උන්වහන්සේ අතින් සිදු වූ මහඟු ක්‍රියාවකි. සීදූව පොලිස් වසම තුළ පොලිස් උපදේශක කමිටුවේ අනුශාසක පදවියද උන්වහන්සේ වෙත පැවරී ඇත.

ප්‍රදේශයේ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් ශාසනික හා සමාජ සේවයක් ඉටුකිරීම වෙනුවෙන් අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේට ගෞරවනාම සම්මුතියෙන් හා නායක පදවියක් ද ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභා සභික ධුරයක්ද පිරිනැමීමට ක්‍රියා කළහ. 2016 ජූලි මාසයේදී උන්වහන්සේට සම්මානණීය අනුනායක ධූරයද පිරිනැමුනි.උන්වහන්සේ සිවු වතාවක් ඉන්දියාවට ද, දෙවතාවක් ජර්මනිය, තායිලන්තය හා ප්‍රංශයට ද වැඩම කර ඇත.

කෙටිකලක් රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ පසුගිය 29 වන දින අපවත් වී වදාළහ.ඒ වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසු විය.අමරපුර මහනිකායේ අමරපුර පාර්ශවයේ අනුනායක රද්දොළුවේ විමලවංශ නායක ස්වාමීන් වහන්සේ මීගමුව – කටාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී විශ්‍රාම ලත් නියෝජ්‍ය විදුහල්පති සීදූවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පැවිදි ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේ ශාසනයට දායද කොට ඇත.

උන්වහන්සේගේ ශ්‍රී දේහය 2017.02.01 වන දින පස්වරු 3.00 දක්වා රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයේ තැම්පත් කර ඇති අතර ඉන්පසුව රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයට වැඩම කරවනු ඇත.2017.02.02 වන දින පස්වරු 01.00 ට රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයෙන් ආදාහන පෙරහැර පිටත් වන අතර රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසල් ක්‍රීඩාංගනයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වේ.

සුමිත් කාරියවසම්,

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img