චන්ද්‍රිකාට රන් රිදී – නදීශාට ලෝකඩ

-

ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිටපු අංක එකේ බැඩ්මින්ටන් ශූරිය වන රේණු චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් ගෙන ඇත.

. දකුණු කොරියාවේ ජොන්ජූ නුවරදී නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 45 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු රේණු චන්ද්‍රිකා ද සිල්වා ජර්මානු ක්‍රීඩිකා ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව කාන්තා යුගල අවසන් මහා තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය

එම තරගයේදී රේණු සහ ක්ලෝඩියා වෙතින් ලකුණු 21-7ක් සහ 21-7ක් ලෙස ජපානයේ මකි ජින් සහ මිකීකෝ ශිමාඩා පරාජයට පත් වූහ.

එම වයස් කාණ්ඩයේ කාන්තා ඒකල අවසන් මහා තරගයට ද සුදුසුකම් ලැබූ රේණු චන්ද්‍රිකා එහිදී නෙදර්ලන්ත ක්‍රීඩිකා ජෝර්ජි වැන් සෝලැන්ඩ් හමුවේ ලකුණු 21-14ක් සහ 21-13ක් ලෙස පරාජයට පත්වීමෙන් රිදී පදක්කම අත්කර ගත්තාය

මේ අතර අවුරුදු 35 වයස් කාණ්ඩයේ කාන්තා ඒකල අර්ධ අවසන් පූර්ව තරගයේදී ජපානයේ මානා යටේබේ හමුවේ ලකුණු 21-10ක් සහ 21-14ක් ලෙස පරාජයට පත් වූ නදීෂා ගයාත්‍රි ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය. එම වයස් කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇය ලකුණු 21-19ක් සහ 21-16ක් ලෙස ඉන්දියාවේ පෙරුල් රාවට් පරාජය කිරීමට සමත් වූවාය.

අනතර්ජාලයෙනි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here