විමල්, ටිල්වින්ට ගෙවිය යුත්තේ රු. මිලියන 10ක් නොව මිලියනයක් පමණයි

විමල් වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ නඩුවෙහි තීන්දුව සිකුරාදා (ජනවාරි 11) කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේ, පැමිණිලිකරු ඉල්ලා සිටි සහන ලබා දීමට අධිකරණය තීන්දු කරන බවය.

ඒ අනුව, මෙම නඩු තීන්දුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10ක වන්දියක් විමල් වීරවංශ ගෙවිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයක දක්වා තිබිණි.

එම වන්දි මුදල සඳහන් කරමින් මේ නඩු තීන්දුව පිළිබඳව මාධ්‍ය වාර්තා ද පළ විය.

එහෙත්, එම වන්දි මුදල රුපියල් මිලියනයක් බව වගඋත්තරකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහමඩ් අලි සබ්රි සිය ෆේස්බුක් පිටුවෙහි පසුව පැහැදිලි කර තිබිණි.

MOhamed Ali Sabry/FacebookImage copyrightMOHAMED ALI SABRY/FACEBOOK

අප කළ විමසුමකදී නීතිඥ අලි සබ්රි ඒ බව තහවුරු කළේය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිය පාර්ශවය ආයාචනා කළ වන්දි මුදල විමල් වීරවංශ විසින් ගෙවනු ලැබිය යුතු බවට ප්‍රකාශ වූ බවය.

සිය පාර්ශවය ඉල්ලා සිටි වන්දි මුදල රුපියල් මිලියන 10ක් බැවින් එම මුදල සඳහන් කර ප්‍රවෘත්ති නිවේදනය සකස් කළ අතර පසුව නඩු තීන්දුව අතට පත්වීමෙන් පසු එහි රුපියල් මිලියනයක් ලෙස සටහන්ව තිබූ බව නීතිඥ සුනිල් වටගල සඳහන් කළේය.

ඒ අනුව, විමල් වීරවංශ විසින් ටිල්වින් සිල්වා වෙත ගෙවනු ලැබිය යුතු වන්දි මුදල නඩු තීන්දුව ප්‍රකාරව රුපියල් මිලියනයක් පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

BBCSINHALA

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img