“සන්සුන්ව සහ විචක්ෂණ බුද්ධියෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිත කරන්න.”-ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

“සන්සුන් බවින් සහ විචක්ෂණ බුද්ධියෙන් යුතුව” සමාජ මාධ්‍ය භාවිත කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කන්‍යා සොයුරියන්ට උපදෙස් දෙනු ලැබ තිබේ.

යදින්නන්ට අවවාදයක් යන අර්ථයෙන් යුතුව නිකුත්කර ඇති ලේඛණය, 2016 දී නිකුත් කරන ලද ආශ්‍රමික ජීවිතය පවත්වාගෙන යාමේදී පිළිපැදිය යුතු නීති පැහැදිළි කරන්නකි.

මෙම මාර්ගෝපදේශයන්හි පරමාර්ථය සුරක්ෂිතතාව සහ නැවත සිහි කැඳවීම බව එම ලේඛනයේ සඳහන්ය.

‘සමාජ සන්නිවේදනය’ ලෙස එම ලේඛනයේ සඳහන් වුව ද, මෙමගින් ඉලක්ක කර ඇත්තේ ෆේස්බුක් සහ ට්විටර් බව ‘ටැබ්ලට්’ කතෝලික පුවත්පතේ සඳහන්වේ.

‘වෙලාව අපතේ හැරීම’ පිළිබඳ අවවාදය

මාධ්‍යයේ ස්වභාවයට අමතරව, අහිමතය යොදාගත යුත්තේ “තොරතුරුවල ප්‍රමාණයට සහ සන්නිවේදන ක්‍රමයේ ස්වභාවය” අනුව බව ලේඛනයේ සඳහන්වේ.

උතුරු ස්පාඤ්ඤයේ කන්‍යා සොයුරියන් පිරිසක් සමූහ දූෂණයකට චෝදනා ලද පුද්ගලයන් කණ්ඩායමක් පිළිබඳ සමාජ මාධ්‍යවල කළ සටහනක් ප්‍රබල අවධානයට ලක්විය.

Pope Francis will be the first pontiff to visit Ireland since 1979Image copyrightEPA
Image captionෆ්‍රැන්සිස් පාප් වහන්සේ

මෙම කන්‍යා සොයුරියන් ස්පාඤ්ඤ බසින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ, තමන් රාත්‍රී ගමන් වලින් වැලකී, මත්පැන් පානයෙන් තොරව කන්‍යාරාමයේ ආරක්ෂා සහිතව ගෙවන ජීවිතයට කැමැත්තෙන් පැමිණි බවය.

“කාන්තාවන්ට දූෂණයට ලක්වීමෙන්, විනිශ්චයට ලක්වීමෙන්, තැති ගැනීමකින් හෝ අවමන් විඳීමකින් තොරවීමට කන්‍යා සොයුරියන් වීම හොඳම විසඳුමයි. මෙය අප නිදහසේ ගත් තීරණයක්, අප සියළු දෙයින් ආරක්ෂා වේවි,” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාප්තුමන් විසින් නිකුත් කළ ඉහත කී උපදෙස් මාලාව එම ස්පාඤ්ඤ කන්‍යා සොයුරියන් ඉලක්ක කරමින් නිකුත් කරන ලද්දක් යයි විශ්වාස නොකෙරේ. එසේම මෙය සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් කතෝලික සභාව කන්‍යා සොයුරියන්ට නිකුත් කළ පළමු උපදෙස් මාලාව ද නොවේ.

කන්‍යා සොයුරියන්ගේ ආශ්‍රමික ජීවිතය සකස් විය යුතු ආකාරය පිළිබඳ නීති මාලාව ප්‍රසිද්ධියට පත්කළේ 1950 වසරේදීය. නමුත් වත්මන් පාපතුමන් විසින් 2016දී එය නූතන සමාජයේ “තීරණාත්මක බලපෑමට” සුදුසුවන පරිදි පුළුල් කරන ලදි.

මාධ්‍ය මත “කාලය අපතේ හැරීමට අවකාශ නොතබන” ලෙස පාප්තුමා එහිදී කන්‍යා සොයුරියන්ගෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටියි.

එසේ වුව ද වතිකානය බොහෝ විට ට්විටර් පණිවුඩ නිකුත් කරයි. එමගින් මේ වනවිට 15000 කට ආසන්න පණිවුඩ සංඛ්‍යාවක් නිකුත්කර ඇති අතර, වාප වහන්සේගේ ඉංග්‍රීසි භාෂා නිල ට්විටර් ගිණුම මගින් 1500 කට වඩා පණිවුඩ නිකුත් කර තිබේ.

වතිකානය මගින් ෆේස්බුක්, ඉන්ටග්‍රැම්, යූ-ටියුබ් සග ගූගල් ප්ලස් ආදී සමාජ මාධ්‍ය පවත්වාගෙන යන්නේය.

BBC SINHALA

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img