රාජකීය විවාහ මංගල්‍යය 2018: හැරී සහ මෙගන් විවාහ වෙති

bbcImage copyrightPA

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ බාල මුණුපුරා වන හැරී කුමරු සහ මේගැන මාකල් අතිනත ගැනීමෙන් අනතුරුව වින්ඩ්සර් නගරය වටා චාරිකාවක යෙදුනහ.

හැරී කුමරුට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමර කුමරියන් අතරින් හය වෙනි ස්ථානය හිමි වේ.

නව යුවල දැකගැනීම පිණිස 120,000 කට අධික පිරිසක් නගරයට රැස්ව සිටි බව බීබීසී වාර්තාකරුවෝ පවසති.

වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති මංගල උත්සවයෙන් අනතුරුව නව යුවල මුලින්ම මාලිගය පරිශ්‍රයේ රැස්ව සිටි ආරාධිත සෙනග අතරින් ‘ඇස්කොට් ලන්ඩෝ’ වර්ගයේ අශ්ව කරත්තයක නැගී සංචාරය කළහ.

නව යුවල රැගත් අශ්ව කරත්ත පෙළ නගරයේ සංචාරය කළේ ඉන් අනතුරුවය.

bbcImage copyrightPA
bbcImage copyrightPA
bbcImage copyrightPA

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් පැවති විවාහ මංගල්‍යය සඳහා 600ක පිරිසක් ආරාධනා ලබා සිටියහ. මෙගන් මාකල්ගේ පාර්ශවයෙන් උත්සවයට සහභාගී වෙන්නේ ඇයගේ මව, ඩොරියා රග්ලන්ඩ් (Doria Ragland), පමණි.

බ්‍රිතාන්‍යවාසීන් අතරින් තෝරාගන්නා ලද තවත් 1200 ක පිරිසක් වින්ඩ්සර් මාලිගය පරිශ්‍රයට ආරාධනා ලැබ සිටියහ. ඒ අතරින් බොහෝ දෙනා තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ සමාජ සේවා කටයුතු වෙනුවෙනි.

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙගන් මාකල් ගේ පියාට මංගල්‍යයට පැමිණීමට නොහැකි වූ බැවින්, ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ද්වාරය වෙත පැමිණි මෙගන් මාකල් කැඳවා යනු ලැබුවේ චාල්ස් කුමරු විසිනි.

ඉන් අනතුරුව පැවති ආශීර්වාද මෙහෙයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නව යුවලක් ලෙසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ එංගලන්ත සභාවේ ප්‍රධානී, කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි විසිනි.

bbcImage copyrightPA
bbcImage copyrightPA
bbcImage copyrightPA

මංගල උත්සවය අතරවාරයේ අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානු පූජකවරයෙකු වන මයිකල් කරි (Michael Curry) රදගුරුවරයා පැවැත්වූ අනුශාසනය සමාජ ජාල ඔස්සේ ප්‍රබල ප්‍රසාදයට ලක්වෙමින් පවතී.

ප්‍රේමයේ ශක්තිය පිළිබඳ පැහැදීමක් කළ රදගුරුවරයා, ප්‍රේමය රජ කරන විට “ලෝකය ක්ෂේම භූමියක්” වනු ඇති බව කියා සිටියේය.

ඩයනා කුමරියගේ සොහොයුරිය වන ජේන් ෆෙලෝස් ආර්යාව විසින් නව යුවලට ආශීර්වාද කරමින් පණිවුඩයක් කියවනු ලැබිණ.

විවාහයත් සමගම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට සසෙක්ස්හි ආදිපාදවරයා (Duke of Sussex) පදවිය පිරිනමා තිබේ. ඒ අනුව විවාහවීමෙන් අනතුරුව මෙගන් මාකල් සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්වේ.

bbcImage copyrightPA

සසෙක්ස්හි ආදිපාද පදවිය මීට ඉහතදී දරනු ලැබුවේ ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු (Prince Augustus Frederick) විසිනි. ඔහු තුන් වෙනි ජෝර්ජ් රජතුමාගේ (George III) හයවෙනි පුත් කුමරු සහ නවවෙනි දරුවාය.

එමෙන්ම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට (Prince Harry) ඩම්බටන්හි අර්ල්වරයා (Earl of Dumbarton) සහ කිල්කීල්හි බැරන්වරයා (Baron Kilkeel) පදවි ද පිරිනමනු ලැබුවාය.

bbcImage copyrightPA

හැරී කුමරු සහ මෙගන් මාකල් නව යුවල සෙනසුරාදා සවස් යාමයේ විවාහ මංගල සාදයට සහභාගි වෙති. චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාදයට නව යුවලගේ මිතුරු මිතුරියන් සහ පවුලේ සාමාජිකයන් ඇතුළු 200 ක පිරිසක් ආරාධනා ලැබ සිටිති.

REX/SHUTTERSTOCKImage copyrightREX/SHUTTERSTOCK
bb

BBCHINHALA

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img