Thursday, June 11, 2026
27.5 C
Negombo

මුහුදට කුණු දැමීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉහළම තැනක්

ලෝක පරිසර දින මෙවර  තේමාව වන්නේ පල්ස්ටික් භාවිතය අවම කරමු  යන්නයි. මෙවර ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාරක රට වන්නේ ඉන්දියාවයි.  ලංකාව ද මේ වන විට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ  කොතැනකද යන්න තේරුම් ගැනීම සඳහාය.මුහුදුට ප්ලාස්ටික් ඇතුලු   ඝණ අපද්‍රව්‍ය වැඩියෙන්ම බැහැර කරන රටවල් විස්ස අතුරින් මෙවර පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්‘  (Intranational Busness Times ) සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි  එමියි නොර්ඩම් (Amy Nordum ) පෙන්වාදෙන ආකාරයට ලොව පුරා  රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර මෙම පරීක්ෂණය සිදු කර තිබේ.    එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අප ද්‍රවය මුදහරින ප්‍රධාන රටවල් 20 ලැයිස්තු ගත කර තිබෙන අතර එහි ලංකාවට හිමිව ඇත්තේ පස් වැනි ස්ථානයයි.

එම ලැයිස්තුව පහත දැක්වේ.

ස්ථානය  මුහුදට වැඩි වශයෙන් කුණු දැමූ රටවල්  වසරකට දමන මෙට්‍රික් ටොන් ප්‍රමාණය
01 චීනය 8’82
02 ඉන්දුනීසියාව 3’22
03 පිලිපීනය 1’88
04 වියට්නාමය 1’83
05 ශ්‍රී ලංකාව 1’’59
06 තායිලන්තය 1’03
07 ඊජිප්තුව 0’97
08 මැලේසියාව 0’94
09 නයිජීරියාව 0′ 85
10 බංගලිදේශය 0’79
11 දකුණු අප්‍රිකාව 0’63
12 ඉංදියාව 0’6
13 ඇල්ජීරීයාව 0’52
14 තුර්කිය 0’49
15 පාකිස්තානය 0’48
16 බ්‍රසීලය 0’47
17 බුරුමය 0’46
18 මොරොක්කෝව 0’31
19 උතුරු කොරියාව 0’3
20 ඇමරිකා එක්සත් ජනපදය 0’28
එකතුව 26’5

(INTERNATIONAL BUSINESS TIMES/HANNA SENDER)

මෙම සඟරාව පෙන්වා දෙන පරිදි වසරකට    ප්ලාස්ටික් හා   දිරා නොයන අප ද්‍රව්‍ය    ටොන් මිලියන 13 කටත් වඩා ලොව පුරා සාගර පරිසර පද්ධතියට එකතුවේ. එයින් 80%ක්     එකතු වන්නේ රටවල් 20 කින් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත. චීනය විසින්  සාගරයට මුදා හරිනු ලබනු ලබන ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කි.

එලෙස මුහුදට කැළිකසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමනාකරණයේ දුර්වලතා නිසාය.  ප්ලාස්ටික් හා   දිරා නෙයන අප ද්‍රව්‍ය නිසා ලොව පුරා සාගර වල වෙසෙන සත්ත්ව හා ශාඛ විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන තිබේ. එය මෙම දශකය තුල හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට දැනටමත් පත්වී හමාරය.

‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්‘  (Intranational Busness Times ) පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම පුද්ගලයෙකුම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහණය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය පමණක් ග්‍රෑම් 300ක් පමණ වන බවයි.

ඒ අනුව දිනකට රටතුල ගොඩ ගැසෙන ප්ලාස්ට්ක් හා නොදිරන කසල ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 5163689  වන අතර දිනකට පරිසරයට එක්වන මුළු කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 74297687 ක් පමණ වේ.

අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් දිරායාම සඳහා වසර ගණනාවක් ගතවේ. අද අප භාවිතා කරන   ප්ලාස්ටික් ජල බොතලයක් සමිපුරණයෙන් දිරායමට  වසර 450ක් පමණ ගත වේ.

2017 වර්ෂයේ බීබීසීහි    Seven charts that explain the plastic pollution problem  හිසින් පළවු ලිපියට අනුව  ප්ලාස්ටික් බොතල් දිරායාමට වසර 450 පමණවත් අවම වශයෙන් ගත වන අතර ස්ටයිරොෆොම් සහා වසර 50ක්, ඇලුමෙනියමි කෑන් සහා වසර 200ක් ද, කුඩා දරුවන්ට අන්දන නැපි සහා වසර 450ක් ද ගතවේ.

මේ අනුව ප්ලාස්ටික් යනු ලොව  බරපතල පාරිසරික අර්බුදයකට ගෙන ය   නිෂ්පාදිතයක්ය. එම නිසාම ලොව පුරා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය   කිරීම ආරම්භකර ඇති අතර රටක් ලෙස අප කුණු කඳු මත ගොඩ ගසා පසුව ගංවතුර හා ගංගා ඔස්සේ මුහුදට බැහර කරනු ලබයි .

ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණයට නිසි වැඩ පිළිවළක් නොමැති අතර දිනේන් දින ගොඩ ගැසෙන කුණු රට තුල දැවැන්ත අර්බුදයක්   නිර්මාණය කර ඇත. රටේ දේශපාලන අධිකාරිය  කොළඔ ගොඩ ගැසෙන කුණු විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට මේ වනවිට සුදානම් වෙමින් ඇත.

එමෙන්ම  මුහදට ප්ලාස්ටික් හා නොදිරන කසල දැමිම  2025 වන විට  ලංකාව තුල බරපතල ලෙස ඉහළ යනු ඇති බව පෙන්වාදෙන ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්‘  (Intranational Busness Times )  සගරාව එය  වසරකට මෙට්‍රික් ටොන් 1.92ක් බවට පත්වීමේ අවධානමක් ඇති බව තහවුරු කර ඇත.

පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කරමින් තම රටත් මහා සාගරයත් විනාශ කරන මිනිසුන් සිටින රටක, කුණු කන දේශපාලකයන් විසින් හෙට දින ලොව පළමු තැනට කුණු වූ රට ලෙස  f,daක වාර්ථාවට  ලංකාව ඔසවා තබන තුරු   නායකන් හා පාලකයන්ගේ නරිවාදන්  අසමින් නිහඩව සිටින මිනිසුනි,  අපට සිදුවන්නේ කුමක්ද තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි.

– ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් (පරිසරවේදී) 

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img