මීගමුව, හරිස්චන්ද්‍ර ජාතික පාසලේ 77 වන උපන් දිනය අදයි

මීගමුව, හරිස්චන්ද්‍ර ජාතික පාසැල (මුල් නම : හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයය – HMV) ආරම්භ කොට අදට (04) වසර 77ක් සපිරෙයි.
කිතුණුවන් බහුල ‘පුංචි රෝමය’ ලෙසින් හැඳින්වෙන මීගමුව නගරයේ බෞද්ධ පාසැලක් ආරම්භ කළ යුතු යැයි යන අදහසට* අනුව මීගමුව, ධර්ම දුත සමිතියේ මුලිකත්වයෙන්,වර්ෂ 1942 ක්වූ ජනවාරි මස 04 වෙනිදා සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කුඩා පොල් අතු මඩුවක දී හිටපු අධ්‍යාපන ඇමති C W W කන්නන්ගර මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් හරිස්චන්ද්‍ර විද්‍යාලය ආරම්භ කරන ලදී. 
ඒ වෙනුවෙන් ඉඩම පරිත්‍යාග කර ඇත්තේ දිවංගත වෛද්‍ය C L A ද සිල්වා විසිනි. බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන් ට උපහාර පිණිස, ‘හරිස්චන්ද්‍ර’ නාමය විදුහලට යෝජනා කර ඇත්තේ හිටපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී M W අමරසුරිය විසිනි. M වැලිකන්න ගුරු පියාණන් ආරම්භක විදුහල්පති ලෙස පත්වූ අතර මහාචාර්ය ගුණපාල මලලසේකර විසින් ප්‍රථම දින ශිෂ්‍ය කණ්ඩායමට ‘අකුරු හෝඩිය’ කියවා ඇත.
ප්‍රථම සිසුවා ලෙස ඉතිහාස ගත වන භද්‍රානි මෙන්ඩිස් මහත්මිය, වෛද්‍ය C L A ද සිල්වා මයා ගේ මිණිපිරියක් වන අතර දැනට 82 වෙනි වියෙහි පසුවෙයි.
වත්මන් විදුහල්පති අරුණ ගුණසිරි මයා හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 20 වෙනි විදුහල්පතිවරයා ලෙස සැලකෙයි.
හිටපු අගවිනිසුරු පාරින්ද රණසිංහ ඇතුළු දිවයිනේ සුප්‍රසිද්ධ පුද්ගල චරිත ගණනාවකට මුලික අධ්‍යාපනය ලබාදී ඇති මීගමුවේ එකම බෞද්ධ ජාතික පාසැල වන හරිස්චන්ද්‍ර විදුහලේ දැනට සිසුහු 5,000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරති.
 
හරිහඳ මවුනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!
*මෙය 1941 නොවැම්බර් 04 දින ධර්ම දුත සමිතියේ රැස්වීම් වාර්තාවේ සඳහන්ව ඇත. මෙම ලිපිය සම්පාදනයේදී සුජිතා මිරැන්ඩා විසින් රචිත විශේෂාංග ලිපියක තොරතුරු ඇසුරු කර ගැනිණි. 
දිනේෂ් උඩුගමසුරිය 

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img