පාතාලයෝ රජ වුණේ රනිල්ලගේ වැඩපිළිවෙළ නිසයි -ප්‍රසන්න රණතුංග

අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරපු නිසයි 2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද මහත්තයා අගමැති පුටුවේ වාඩි කරන්න පුළුවන් වුණේ. අපිට දිනන්න බැහැ කියන්නේ තනියම මැතිවරණයකට ඉදිරිපත් වෙලා නැති අයයි. පක්ෂයක් විදියට තමන්ගේ ශක්තිය බලාගන්නවත් මැතිවරණයකට තනිව තරග නොකරපු අය පොදුජන පෙරමුණ මනින්න හදන්නෙත් තමන්ගේ පක්ෂයේ මිනුම් දඬුවලිනුයි.

පොදුජන පෙරමුණ කියන්නේ ජන බලවේගයක්. ඒ බලවේගය වටා දිනෙන් දින ජනතාව එකතු වෙනවා. දිනෙන් දින අපේ පක්ෂය ශක්තිමත් වෙනවා. 2019 ජනාධිපතිවරණයත් දිනලා 2020 මහ මැතිවරණයත් දිනලා අපි පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් හදනවා කියලා කවුරුත් මතක තබා ගත යුතුයි. රට හදන්න පුළුවන් අපේ ආණ්ඩුවකට පමණයි.

එදා මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කොට තිබුණ රට නෙමෙයි අද තියෙන්නේ. අවුරුදු තුනකින් රටක් විනාශ කරපු රනිල් වික්‍රමසිංහලාට නැවතත් බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ. මහ බැංකු මංකොල්ල කාලා, රටේ සම්පත් විදේශිකයන්ට විකුණපු මේ පරගැති ආණ්ඩුව මෙදා පාර යවන්නේ ආයේ නොඑන්නයි. රනිල් ඇතුළු සමනල රෑන මේ රටේ ආණ්ඩු කරන අන්තිම වතාව මේකයි.

පාතාලයෝ රජ වුණේ රනිල්ලගේ වැඩපිළිවෙළ නිසයි. රන්ජන් රාමනායක කියනවා කුඩු ගහන ඇමැතිවරුන් ඉන්නවලු. එහෙම අය ඉන්නවා නම් හෙළිදරව් කරන එක රන්ජන්ගේ යුතුකම. රන්ජන් හිතාගෙන ඉන්නේ සැබෑ ජීවිතයත් සෝමා නෝනා හදන චිත්‍රපටියක් කියලයි. රන්ජන්ලා වගේ කාඩ්බෝඩ් වීරයන් ගම්පහින් පාර්ලිමේන්තුවට යවපු අයයි මේවට වගකියන්න ඕනේ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ කුමාර අරංගල්ල මහතා ද මෙහිදී අදහස් දැක්වීය

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img